• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නොමැත – ජනපති

15 August 2022
in දේශීය

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන අතරම දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමිනි.

ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා විසින් පිළිගනු ලැබීය.

ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත්, ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවත් වික්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් තවදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කර ගත යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉන්දු ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට හා ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන ඇති බවත්, ඒවා විසඳා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්ත අතර ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් පවතී. ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවනා යන දෙදෙනාම වීරයින් ලෙස සලකන බව ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව අතරතුරදි ශ්‍රි ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් වර්ගර්යේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

පසුව ශ්‍රි ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට එකඟ වී ඇත. ඒ නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවිනි. මෙම ප්‍රථම දෙවසර අවසානයේ දී නව ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාර ගුවන් යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත තවත් නව ගුවන් යානායක් ලබාදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

ඡායාරූපය – ලංකාදිප වෙබ් අඩවියෙන් 

Post Views: 7
Previous Post

නොරොච්චෝලේ, ලක්විජය විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැ‍ටේ

Next Post

කමිටු රැසක මුල් පුටු විපක්ෂයට – සජිත්

editor

editor

Next Post

කමිටු රැසක මුල් පුටු විපක්ෂයට - සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved