• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෘද සාක්ෂියට එකඟව වගකීම් ඉටු කරන්න – මන්ත්‍රී ඩි.බී.හේරත්

24 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොන්ත්‍රත්තු ඉටුකිරීමට නොව හෘද සාක්ෂියට එකඟව මහජනතාව පැවරු වගකීම ඉටුකිරීම අපගේ වගකීම බවත් එම වගකීම ඉටුකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‍නිදහස ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා, “විශාල අර්බුදයක් එක්ක තිබුණ රටක්. සමහර පිරිස් කිව්වා මෙය ගොඩගන්න බැ, මෙය අගාතයටම යනවා කිව්වා. හැබැයි මේක දෛවෝපතගත සිදුවීමක්. නැවතවතාවක් රට අලුත් දේශපාලන ප්‍රගමනයකට ලක් වුණා. එහි ප්‍රතිපල දැන් රටට ලැබෙමින් පවතිනවා. මහ පාරේ පෝලින්වල ඉන්ධන ටිකක් සොයගන්න හිටපු මිනිස්සු, දවස් ගණන් ගෑස් ටිකක් හොයගන්න හිටපු ප්‍රජාව මහා බරපතල පීඩනයකට ලක්වෙලා සිටියා. ගොවි බිම්වල පොහොර නැතිව ගොවි ජනතාව අරගල පටන් ගත්තා. ඒ තමයි අපේ රටේ මෑත භාගයේ අපි දැකපු දර්ශනය. එවන් පසුබිමක් තුළ අලුත් දේශපාලන සංහිඳියාවත් එක්ක ඒ සියලුම ගැටලුසහගත තත්වයන් එකින් එක විසදගෙන යනවා. දැන් අවශ්‍ය ඉන්ධන ටික, ගෑස් ටික, පොහොර ටික ලැබෙනවා. බෙහෙත්හේත් වලට තිබුණු සීමිත බාධකයන් ඉවත් වෙමින් පවතිනවා. රට යථාතත්වයට පත්වෙනවා. එසේ සිදුකරන්න පුළුවන් වුණේ මෙවන් දේශපාලන ක්‍රියාවලියක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා. මහජන නියෝජිතයෝ හැටියට අපි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නේ. අපේ නිජබිම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපේ පක්ෂයේ නායකවරු නිදහසේ වැඩකරන්න අවසරය දිලා තිබෙනවා. අපි කාගෙවත් කොන්තරාත්තුවක් ඉටුකරන්න නොවේ හෘද්ධ සාක්ෂියට එකගව මහජනතාව අපිට පවරපු වගකීම ඉටුකිරීම තමයි පැවරිච්ච වගකීම. ඒ වගකීම ඉටුකරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිට නිදහස දිලා තිබෙනවා. ඒ තුළ අපි කටයුතු කරලා තිබෙනවා. අද මේ වන විට අපේ අරමුණ වන්නේ ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලිච්ච අපේ රට ගොඩගන්න දරන ක්‍රියාවලියට දායක වීමයි. මේ රට විදේශ විනිමයේ හිඟකම බලපාපු කාරණාව නිසා තමයි ඉන්ධ බෙහෙත්හේත් ගෑස් ටික අපිට ගෙන්න ගන්න බැරි වුණේ. දැන් එය කළමණාකරණය කරන්න තමයි IMF එකට ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමා අපේ දේශපාලන කඳවුරේ ආශිර්වාදය එක්ක එතනට ගිහින් ජාත්‍යන්තර‍ෙ එක්ක ගණුදෙණු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ කරන කාලයේදී ඒ තිබිච්ච නිතිරිති වලින් බැඳිච්ච ත්‍රස්තවාදි පනතේ ආවරණය නොතිබුණා නම් අපිට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ඒ හින්දා එම පනත් භාවිතා කරන්න ඕන වෙලාවක අපි භාවිතා කරන්න ඕන. අද රජය අවධානය යොමුවෙලා තිබෙනවා ත්‍රස්තවාදි වැළැක්වීමේ පනත සංශෝධනය කරලා මහජනතාවට ආරක්ෂාව දෙන්න. ජාත්‍යන්තරයේ නිරික්ෂණයත් එක්ක පාර්ලිමේන්තුව තුළ ඒ පනත පවා සංශෝධනය කරන්නට රජය නම්‍යශිලි වෙලා තිබෙනවා. ඒ තමයි ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අපිට තිබෙන වුවමනාව. ඒ කාරණාව එහෙම කරනගමන් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනගමන් අපේ බලාපොරොත්තුව තමයි IMF එකට ගිහිල්ලා ආධාර අරගෙන රටේ ජනතාවගේ ආර්ථිකයට වටිනාකමක් දෙන්න සහ ඔවුන්ගේ සුඛවිහරණය ඇති කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට අවශ්‍යතාවයක් තිබෙනවා පරිභෝජනයට භාවිතා කරන්න තිබෙන මුදල් ආයෝජන ක්‍රියාවලියක් තුළ ද්විත්ව කිරීම. අද මේ වන විට ලංකාවේ ණය බර විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා. එක පැත්තෙන් අපි ඒ ණය බර ගෙවන්න ඕන. අනෙක් පැත්තෙන් අපි නිෂ්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා ජනතාව ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිලාභ ලබන්නන් බවට පත්වන්න ඕන. ඒ වගේම කෘෂිකාර්මික අතින් සංවර්ධනය කිරීම. ඒ වෙනුවෙන් බන්ඩි පොහොර ටික ගොවියාට ලබාදිලා නැවතවතාවක් සහලින් ස්වයංපෝෂිත කිරීමේ වගකීම පමණක් නොවේ එළවළු වගා කරන අයට උදව් කරන්න වැඩසටහන් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජනවාරි වෙන විට මහ කන්නේ අස්වැන්න නෙලන කාලය එනවා. ඒ වන විට මේ රටේ ජනතාව අහරින් ස්වයංපෝෂිත වන තැනකට ගේන්න පුළුවන්. ඒකට අවශ්‍ය පදනම තමයි කෘෂිකර්ම ඇමති, ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. හැම වෙලාවකම මහජනතාවගේ වුවමනාව වෙනුවෙන් පෙනි හිටිමින් අපි අපේ අනන්‍යතාවය සහතික කරමින් ජනතාව පවරපු කාර්යභාරය මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න මහජන නියෝජිතයො විදිහට අපි කටයුතු කරන බව කියනවා. ” යැයි ඩි.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

රජයේ අඩු ආදායම්ලාභී නිවාසලාභීන්ට වසරක් තුළ හිමිකම් ඔප්පු – ඇමති ප්‍රසන්න

Next Post

රුසියාවට යවන තැපැල් භාණ්ඩ භාර ගැනීම් අද සිට – තැපැල් දෙපාර්තමේන්තුව

editor

editor

Next Post

රුසියාවට යවන තැපැල් භාණ්ඩ භාර ගැනීම් අද සිට - තැපැල් දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved