• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

75 වන නිදහස අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස් !

9 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූව ද 75 වන නිදහස් දින උත්සවය සුවිශේෂී සංධිස්ථානයක් කරගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබුවේ 75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවැත්වුණු අවස්ථාවේ දීය.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව ඉතා විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ, ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග ඊට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පළාත් 09 නියෝජනය වන පරිදි සංස්කෘතික කලා හා ආගමික වැඩසටහන් එම පළාත්වල දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමටත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් පාසල් දරුවන් මූලික කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ තරග කිහිපයක් සංවිධානය කිරීමට හා තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක රසවින්දය වෙනුවෙන් කලා හා සංගීත වැඩසටහන් පළාත් මට්ටමින් පැවැත්වීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තීරණය කෙරිණි. මේ සෑම වැඩසටහනක්ම මහජනතාවට සහභාගී විය හැකි සහ රසවිඳිය හැකි අයුරින් අර්ථවත්ව සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙළේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද තීරණය කෙරිණි.

ඒ ඒ පළාත්වල ප්‍රධාන රාජ්‍ය ශ්‍රවණාගාර, රංග ශාලා සහ කොළඹ නෙළුම් පොකුණ රඟහල, ටවර් හෝල්, එල්ෆින්ස්ටන් සහ ජෝන් ද සිල්වා රඟහල නම් කරන ලද කාලසීමාවකට ඉතා සුවිශේෂී මිලකට ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතය. කලාකරුවන් වෙනුවෙන් කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය වෙන් කෙරේ.

මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

75 නිදහස් දිනයට සමගාමීව සියලුම පළාත් මූලික කරගනිමින් විවිධ තේමාවන් යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත්, දෙවුන්ද‍රතුඩුව සහ පේදුරුතුඩුව යා කරමින් ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් සංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරන ලදී.

එමෙන්ම එදින මූලික කරගනිමින් සීමිත පිටපත් සංඛ්‍යාවක් සහිත සුවිශේෂී මුද්දරයක් නිකුත් කිරීමටත්, 1948 නිදහස් දින උළෙලට සමගාමීව පුවත්පත්වල පළ වූ ලිපි, වාර්තා ආදිය යළි ජනගත කරමින් නිදහස් දිනය පිළිබඳ ජනතාව තුළ අභිමානයක් ඇති වන අයුරින් වැඩසටහනක් දියත් කිරීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබේ.

මීට අදාළ අනුකමිටු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත්, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකානායක ,කොළඹ පුරපති රෝසි සේනානායක , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. පී.කේ මායාදුන්නෙ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී. ලියනගේ , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස්පති සී. ඩී වික්‍රමරත්න , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධර්මතිලක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

Next Post

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක් – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක් - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025

Recent News

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved