• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැති ධුර ගත්තා ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන්ට සභාපති මෛත්‍රී දෙහි කපයි

9 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර සිටින බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුතු කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව ප්‍රකාශ කර සිටිමු. වර්තමානයේ පොදු මහජනයා විඳින කුසගින්න ඇතුළු දුක් පීඩාවලින් රටත් ජනතාවත් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලදි. එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධූර භාරගැනීම කිසිසේත් අප අනුමත නොකරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලු පාර්ශව විසින් පිලිගෙන ඇති පරිදි, රටේ දේශපාලනික ස්ථාවරත්වය ඇතිකිරීමට හා අර්බුදය කළමනාකරණය කිරීමට, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය කළ යුතුය යන්න පළමුවෙන් යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ සදහා සිදු කරන සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතරතුර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හෝ පක්ෂ නායකත්වය සමග කිසිදු සාකච්ඡාවකින් තොරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව හගවමින්, අප පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය තනතුරු ලබාගැනීම ඉතා පිළිකුල් සහගතයි.

මෙතෙක් සාකච්ඡා කොට ඇති පරිදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකගතාවකින් තොරව මන්ත්‍රීවරුන්හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ අප යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීණ ආන්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි. එනිසා යළිත් බිහිවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික දූෂිත ආණ්ඩුවක් පමනි. එසේම එය, මේ රටේ මහ නාහිමිපාණන් වහන්සේලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ, විද්වත් හා වෘත්තිකයන්ගේ, සිවිල් සමාජ ක්‍රීයාකාරින් ඇතුලු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමකි. අනිත් අතින්, රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම පිණිස සහය දීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමකි.

එබැවින්, මෙවැනි අභියෝගාත්මක හා ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ වුවද, ශ්‍රී ලංකාවේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් ආරක්ෂාව හා යහපත පිණිස වඩාත් වගකීමෙන් හා රටේ ජනතාව විඳින දුක් ගැහැට පිළිබදව සංවේදීව, වත්මන් දේශපාලන සංසිද්ධීන් පිළිබඳ මනා අවධානයකින් යුක්තව කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍යධූර භාරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා ගෙන යන අනාගත දේශපාලන වැඩපිළි‍වලේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බවද තරයේ අවධාරණය කර සිටිමු.

මෛත්‍රීපාල සිරිසේන 2022 සැප්තැම්බර් මස 09වන දින
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Post Views: 5
Previous Post

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරී නායිකාවන්ට පාර්ලිමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්

Next Post

කොළඹ රිජන්සි රෝටරි සමාජය මඟින් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොළඹ රිජන්සි රෝටරි සමාජය මඟින් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved