• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂය බොරදියේ මාළු බානවා – මන්ත්‍රී ජගත්

13 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි බලවේගයේ පිරිසක් රටට එරෙහිව කටයුතු කිරීමට ජිනිවා සැසියට සහභාගි වී සිටින බවත්, එමඟින් විපක්ෂයේ ඇතැම් පිරිස් බොරදියේ මාළු බාමින් ආණ්ඩුවේ බලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් මේ තුළින් රටේ රණවිරුවන්ගේ ආත්ම ගරුත්වයට හානියක් වේනම් අපි එය හෙළා දකිනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, “ ‍වසර 13 ට ආසන්න කාලයක් මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා රටේ නිදහස සහ සිංහල දෙමළ සියලු ජනතාවට ජිවත්වීමේ අයිතිය ලබාදුන්නට පස්සේ ඒ යුද්ධයේ ඇතිවෙච්ච තත්වයන් විකෘති කරලා ලෝකයේ හමුවේ කියලා යුධ අපරාධ චෝදනා දිගින් දිගටම රටට එරෙහිව ඇති කරලා තිබුණා. අපි වසර ගණනාවක් කිව්වා රටට ජනතාවට හානියක් සිදු වුණේ නෑ කියලා. නමුත් යම් යම් අයගේ උඩගෙඩි දීමත් එක්ක රටට එරෙහිව මානව හිමිකම් කොමිසම හැමදාම විවිධ දේවල් මිචෙල් බැචලේ මහත්මිය සිදු කළා. මෙවරත් රටට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිසම කරුණු කියනකොට එහි කරුණු පැහැදිලි කරන්න අලි සබ්රි මැතිතුමාත්, විජේදාස රජපක්ෂ මැතිතුමාත් ගිහින් තිබෙනවා. ඒ අනුව අපි එහෙන් ඉදිරිපත් කර යෝජනාව පිළිනොගෙන අපි මේ තත්වය යම් තැනකට සාධාරණව ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පියවර ගන්නවාත් එක්කම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා වෙන්න කටයුතු කරනවා. මේ රටේ යුද්ධය අවසන් කිරීමත් එක්ක මේ රටේ සියලුම ජාතීන්ට සමගිව ඉන්න කටයුතු කරලා තිබෙනවා. ලෝකයේ කිසිම රටකට බැරි වුණා තමන්ගේ රටේ යුද්ධයක් වළක්වා ගන්න. මේ තත්වය තුළ සමහර කාරණා , සිදුවීම් අරගෙන ජිනිවා මානව හිමිකම් කොමිසමට කේළම් කියන්න ගිහින් තිබෙනවා. අද සමගි බලවේගයේ පිරිසකුත් රටට එරෙහිව කටයුතු කරන්න ගිහින් තිබෙනවා. අද විපක්ෂයේ ඇතැම් අය කටයුතු කරන්නේ බොරදියේ මාළු බාමින් ආණ්ඩුවේ බලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න කටයුතු කරනවා. මේ තුළින් රටේ රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය නැති කරනවා නම් අපි එය හෙළා දකිනවා. ඒ නිසා විපක්ෂයේ අයට කියනවා රට ඇතුළේ බලය ගන්න ප්‍රජාතන්ත්‍රවාදි ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න. නමුත් රටට එරෙහි බලවේගවලට එකතු වෙන්න එපා කියලා කියනවා. මේ රටේ යම් තත්වයන් මත විදුලි බිල වැඩි කරන්න සිදු වුණා. එයට හේතුව විදිහට යම් පැහැදිලි කාරණා තිබෙනවා. ජනතාවට මේ අවස්ථාවේ ජිවන වියදම වැඩි වීමත් සමඟ ආර්ථිකය කඩා වැටීමත් එක්ක ජනතාව ජිවත්වන්නේ අමාරුවෙන්. මේ අවස්ථාවේ රජයක් විදිහට පහුගිය අයවැය ලබාදුන්න යම් යම් සහනාධාර ප්‍රමාණයක් ලබාදෙන්න ඉදිරි මාස 04 ලැබෙනවා. එය යම්කිසි පිටුවහලක් වෙනවා. එසේ ආර්ථික ශක්තියක් නැති ඉතාම අමාරුවෙන් දුවන පුණ්‍ය ස්ථානවලට යම් සහනයක් රජය මැදිහත් වීමෙන් ලබා දියයුතුයි කියලා අපි කියන්නේ. ඒ වගේම මේ වන විට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා ලබන 15 වෙනිදා අලුත් ලේඛන හදනවා කියලා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති කියලා තිබෙනවා. ඒ නිසා වැටිලා තිබෙන තැනින් ගොඩ එන්න නම් නීතියේ ආධිපත්‍ය තිබෙන්න ඕන සහ වැරදි කරන නුසුදුසු අය සහනාධාර ලබා දෙන එක ඉවත් කරන්නත් සුදුස්සන්ට ලබා දෙන්නත් වැඩපිළිවෙළක් තිබෙනවානම් හොඳයි. අපි විශ්වාස කරනවා රටට අදාළව අලුත් වැඩපිළිවෙළක් එන්න ඕන මේ පවතින තත්වයත් එක්ක. IMF එකේ ආධාර උපකාර ගන්න කොට යම් යම් කොන්දේසී වලට යටත් වෙන්න වෙනවා. ඒ කොන්දේසි ජනතාව පිඩාවට පත්නොකර යම් සහන මට්ටමින් කටයුතු කළයුතුයි. ඒ නිසා ඉදිරි කාලයේ IMF එකෙන් සහය අවශ්‍ය කරන අවස්ථාවක මේ වැඩපිළිවෙළ අඩාල කරන්න රටේ විපක්ෂයේ පිරිසත්, විදේශීය කොටි බලල් අත් වැනි යම් යම් පිරිස් මානව හිමිකම් කොමිසම පවා භාවිතා කරන්න උත්සහ කරනවා. ඒ නිසා රටට එරෙහිව ගතු කියලා නැවත රටේ ඡන්දය ඉල්ලන්න එන පිරිස් සම්බන්ධව ජනතාව වගබලාගත යුතුයි කියලා හිතෙනවා”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 1
Previous Post

විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර ලබාගැනීම් ගැන විමසීමට ක්ෂණික ඇමතුම් අංකයක් – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය

Next Post

කුමන ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

editor

editor

Next Post

කුමන ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ඖෂධ හා ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved