27 April 2024
#දේශීය

විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර ලබාගැනීම් ගැන විමසීමට ක්ෂණික ඇමතුම් අංකයක් – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු තොරතුරු ලබාගැනීම සදහා වන දුරකතන අංක තුනක් හඳුන්වා දී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි මහතා වෙත හෝ , 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සදහා වන කැබිනට් අනුමැති කම්කරු සහ විදේශ රැකියා අමාතය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාගත්තේය.

ඒ අනුව 2022 මැයි 1 වැනිදා සිට 2023 අප්‍රේල් 30 වැනිදා දිනය දක්වා ඇමරිකානු ඩොලර් 3000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු සී.අයි.එෆ් අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවේ. 2022 මැයි 1 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකිය.

ඒ අනුව ඉලෙට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.

මෙම වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම සදහා වන අයදුම්පත්‍ර මේ වන විට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇත. එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර අදාල සියලුම ලිපි ලේඛන සමග කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *