• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ වෙතින් පාසල් දරුවන් 600 කට වසරක් පුරා දිවා ආහාරය

18 October 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යටතේ, රණාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 600 කට වසරක් පුරා දිනපතා දිවා ආහාරය ලබාදීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් පාසල් දිවා ආහාර වැඩසටහනට සමගාමීව පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන වසරක කාලයක් ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මෙය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නංවන ‘පාසල් දිරිය’ දිවා ආහාර වැඩසටහනේ කොටසක්ද වේ.

“සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම මෙන්ම සමස්ත ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයම, රටේ දැනට පවතින ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු පිළිබඳව දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එම නිසා පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීම සඳහා ආරම්භ කළ ‘පාසල් දිරිය’ වැඩසටහනට සහයෝගය දැක්වීමට අප තීරණය කළා. මෙහි ආරම්භක පියවරක් වශයෙන් පාසල් දරුවන් 600 කට දිවා ආහාර ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීම පාසල් වලම මුළුතැන් ගෙවල් ඉදිකර දරුවන් වෙනුවෙන් ආහාරපාන පිළියෙල කිරීමට අවස්ථාව ලබාදීම අපගේ අරමුණයි. එලිෆන්ට් හවුස් යනු 1866 වසරේ සිටම ශ්‍රී ලංකාවේ දොරින් දොර කියැවෙන නාමයක්. ශ්‍රී ලාංකිකයන්ගෙන් අපට ලැබෙන මේ ආදරයට හා ගෞරවයට කෘතගුණ සැලකීමක් වශයෙන්, මේ දුෂ්කර අවස්ථාවේදී රටටත් ජනතාවටත් හැකි උපරිමයෙන් ශක්තියක් වීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික ආහාරපාන අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා පැවසී ය.

රටේ පවතින ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සහ අනෙකුත් අර්බුද හමුවේ දරුවන්ගේ සහ තරුණ පරපුරේ අධ්‍යාපන අවශ්‍යතාවන්ට මුල්තැන දෙමින්, කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කැපවී සිටී. මෙහි එක් අදියරක් වශයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළේ ය.

දැනට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් දිවා ආහාර වැඩසටහන මගින් ආවරණය නොවන පාසල් වලට දිවා ආහාර සැපයීමටත්, ඉදිරියේදී ඒ අතරින් තෝරාගත් පාසල් වල මුළුතැන් ගෙවල් ඉදිකර සිසුන්ට ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කළ හැකි ආකාරයට පාසල් දිරිය වැඩසටහන සැලසුම් කර තිබේ.

එලිෆන්ට් හවුස් යනු ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ආදරය හා විශ්වාසය දිනූ, වසර 150 කට අධික ඉතිහාසයක් සහිත සුවිශේෂී සන්නාමයකි. මෙම ආදරය හා විශ්වාසය තුළින් පන්නරය ලබමින්, රටේ ජනතාවගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට තම නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් දිගින් දිගටම කටයුතු කර තිබේ. එමෙන්ම ජනතාවගේ සහ පරිසරයේ යහපත වෙනුවෙන් කාලෝචිත වැඩසටහන් ක්‍රියාවට නැංවීමට එලිෆන්ට් හවුස් නිරන්තරයෙන් කැපවී සිටී.

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 

පිටපත -PR

Post Views: 5
Previous Post

2023 වර්ෂය සදහා වන අයවැය පළමුවර කියවීම අද

Next Post

ඛනිජ හා ඛනිජ වැලි ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා – කර්මාන්ත ඇමති

editor

editor

Next Post

ඛනිජ හා ඛනිජ වැලි ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා - කර්මාන්ත ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved