• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට SME Connect ජනගත කෙරේ

21 October 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍යම පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ දැනුම හා කුසලතාවන් ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් SME Connect මාර්ගගත අන්තර්ජාල වේදිකාව ඊයේ (20 ) ආරම්භ කෙරිණි.

ඒ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදීය.

Women Entrepreneurs Finance Initiative (We-Fi) වෙතින් ලැබුණු තාක්ෂණික ආධාර උපයෝගී කරගනිමින් හා PricewaterhouseCoopers (PwC) Sri Lanka’ හි උපදේශකත්වයෙන් යුතුව, NEDA සහ ADB (Asian Development Bank) එක්ව නිර්මාණය කල මෙම වේදිකාව ADB මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන “කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය ණය ව්‍යාපෘතියේ” කොටසක් ලෙසින් PwC විසින් සංවර්ධනය කොට තිබෙයි.

“SME Connect – කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම” (smeconnect.lk) ලෙස නම් කර ඇතත් මෙම වේදිකාව සියලුම ව්‍යවසායකයින් සඳහා විවෘත වන අතර කාන්තාවන් විසින් මෙහෙයවන ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs) කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කෙරෙයි.

එමෙන්ම මෙම “SME Connect” යනු රට පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කර ගන්නා ත්‍රෛභාෂා, ජංගම-හිතකාමී මාර්ගගත වේදිකාවක්ද වන අතර එමගින් තිරසාර කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා වැදගත් වන“ඉගෙනීම”, “උපදේශනය” සහ “ජාලකරණය” යන ප්‍රධාන අංශ 3 කෙරෙහි අවධානය යොමු කෙරෙයි. අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායකයන් සඳහා මෙම දැනුම ඉතා මහෝපකාරී වේ.

ADB SME Line of Credit’ ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලබන කාන්තා ව්‍යවසායකයින් සදහා ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතා තවදුරටත් ඉහල නැංවීමේ වේදිකාවක් ලෙසද මෙය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන පරිදි 750කට අධික පිරිසකට මෙම ව්‍යාපෘතිය හරහා පුහුණුව ලබා දීමද මේ වනවිට සිදුකොට තිබෙයි.

මෙම සමාරම්භක අවස්ථාවේ අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කලේ නිදහසින් පසු ගෙවුණු කාලය තුළ සියළු රජයන් අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදී සමාජ සංවර්ධන උදෙසා විශාල රාජ්‍ය ආයෝජනයක් සිදුකොට ඇතත් කර්මාන්ත සංවර්ධනය උදෙසා දැක්වූ ආයෝජන දායකත්වය අඩුවීම රටේ ආර්ථිකය කෙරෙහි මේ වනවිට බෙහෙවින් බලපා ඇති බවයි. එමෙන්ම මේ දුෂ්කර මොහොතේ රට වෙනුවෙන් සියළුදෙනා එක්ව කටයුතු කරමින් මෙරට සියළු ක්ෂේත්‍රයන්හි නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගැනීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවැනි අන්තර්ජාල මාර්ගගත වේදිකාවක් දියත් කිරීම හරහා කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් දැනුම , මූල්‍ය සාක්ෂරතාවය ආදි විශාල පරාසයක් තුළ සිදුවන මෙහෙය අගය කල කර්මාන්ත අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මූලිකත්වය හා දායකත්වය දැක්වූ ADB, NEDA ආදි ආයතන සියල්ලට සිය ස්තුතිය පල කිරීමද සිදු කලේය.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් J. M. තිලකා ජයසුන්දර මහත්මිය, NEDA හි සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය අංශයේ විශේෂඥ ටකුයා හොෂිනෝ මහතා ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ඉදිරි සති දෙක තුළ රථ වාහන අමතර කොටස් සහ රූපලාවාන්‍ය උපකරණවල ආනයන සීමා ඉවතට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

22 න් නොනැවතී, නව ව්‍යවස්ථාවකට යා යුතුයි – අගමැති

editor

editor

Next Post

22 න් නොනැවතී, නව ව්‍යවස්ථාවකට යා යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved