27 April 2024
#දේශීය

22 න් නොනැවතී, නව ව්‍යවස්ථාවකට යා යුතුයි – අගමැති

22 වන සංශෝධනයෙන් නොනැවතී, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අද (22) පැවැති විවාදයට එක්වෙමිනි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. ” ‘ගරු කතානායකතුමනි, 22යවනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයට එක් වන්නේ පළමු කොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත්, ශ්‍රී ලංකාවේ ජනතාවත්, අපි කවුරුත් තේරුම් කර ගත යුතුයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22වෙනි වරටත් සංශෝධනය කරන බව. අපි ආණ්ඩුක්‍රමය සංශෝධනය කරමින් සංශෝධනය කරමින්, සංශෝධනය කරන ලද දේ ආපසු ඉවත් කරමින්, යළි සංශෝධනය කරමින් කටයුතු සිදු කරන පාර්ලිමේන්තුවක් බවට පත්වීම සැබවින්ම එක්තරා පැත්තකින් විවේචනයට සමාජය ලක්කිරීම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා හැටියට මන් ප්‍රකාශ කරනවා පුදුමයක් නෙවෙයි. ඒ නිසා එවැනි පසුබිමක් තුළ ඒ අපි පසු කරපු කාල පරිච්ඡේදය මා නැවත කියන්න උත්සාහ දරන්නේ නැහැ.

අද අපි පාර්ලිමේන්තුව හමුවට එන්නේ අපි කලිනුත් සඳහන් කළ පරිදි අපේ රටේ ඉතිහාසයේ දැවැන්තතම ආර්ථික, මූල්‍ය ඒ වාගේම විදේශ ණය, දේශීය ණය අර්බුදයකට මුහුණ දීලා මාස හතරකට ඉස්සෙල්ලා ඉතාම දරුණු කඩාවැටීමකට පත් වෙච්චි ජනතා එදිනෙදා ජීවිතයත්, ආර්ථිකයත් යළි පනගන්වා ගැනීමේ ක්‍රියාදාමය ගැන එදාට වැඩිය අද ප්‍රගතියක් ලබා තිබෙන බව රජය වෙනුවෙන් යළි යළි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ අඩු පාඩු කම්, ඇති අපි පිළිගන්න ඕන, එහි වැරදි ක්‍රියාමාර්ග ඇති වෙනවා ඇති, අපි ඒවා සාකච්ඡාවට ලක් කරනවා. නමුත් ආර්ථික තත්ත්වය යළි පණගැන්වීමට ඇති උත්සාහයට යෙදිලා තිබෙන මේ රජය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා හැටියට පාර්ලිමේන්තුව තෝරා ගත්තා ඉදිරි කාලයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත්ව යාමෙන් පස්සේ. ඒ වාගේම අග්‍රමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම පවරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය යළි කටයුතු සිදුකරමින් සිටිනවා.

යම් යම් යෝජනාවල් මෙතනින් එහාට දේශපාලන යාන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. මේ අවුරුද්දේ මුල සිට සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. ඒ වගේම ඒ සඳහා විශේෂ මම කලින් දිනයක සඳහන් කළ පරිදි විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සාකච්ඡාවක් කැදෙව්වා මාර්තු මාසයේ තුන්වන සතියේ. එම සාකච්ඡාවේද ආණ්ඩුක්‍රමයේ යම් යම් වෙනස්කම් ඇති කිරීම සඳහා සාකච්ඡා වුණා. ආර්ථිකයේ යම් යම් වෙනස්කම් ඇති කිරීම සඳහා මාර්ගය සාකච්ඡාවට ලක් කළා. ඉන්පසු කාලපරිච්ඡේදය ඇති කළ මහජන උද්ඝෝෂන ව්‍යාපාර ඔබත් මමත් හොඳින් දන්නවා. පාර්ලිමේන්තුවත් හොඳින් දන්නවා. ඒවා යළි යළි සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටායට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළා. ඒ වෙනකොට පළවෙනි ව්‍යවස්ථා කෙටුම්පත් සාකච්ඡාව ආර්ම්භ වෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමා හැටියට සර්ව පාක්ෂික සාකච්ඡාවක් මේ දෙපාර්ශවයේම දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් වාර කීපයක් පැවැත්වුවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ. මමත්, ජී. එල්. පීරිස් ඇමතිතුමත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් අපේ ඩග්ලස් දේවානන්ද ඇමතිතුමත් සහභාගී වුණා. ඒ අවස්ථාවේදී කරුණු බොහෝමයක් සාකච්ඡා වුණා. ඒ වාගේම බොහෝ කරුණු සාකච්ඡාවෙන් ඉදිරියට යාමේදී යම් යම් පාර්ශවයන් එකඟ නොවීම නිසා ඉවත් වී මේ කෙටුම්පත කරා පැමිණියා.

මේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණ අවස්ථාවේදී ද ජනාධිතිවරයා හැටියට මූලාසනය දැරුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එහි මූලික අංග පිලිබඳ එකඟතාවයක් අමාත්‍යවරුන් සමඟ පමැණියා. අග්‍රමාත්‍යවරයා හැටියට හිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, එදා අග්‍රාමාත්‍යතුමා. විරුද්ධ පක්ෂය සමඟත් සාකච්ඡා වාර විටින් විට පැවත්වුවා. මං මේ බව සඳහන් කරන්නේ අපේ ව්‍යවස්ථාදායක ඇමතිතුමත් සඳහන් කරපු ආකාරයටම මෙහි පසුබිම. ඒ අනුව ඒ වාගේම මේ ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරයේ අය එක්කත් සාකච්ඡාවල් ඇතිවුණා. ඒ අනුව මේ, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වී, විවාද කරන අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, මෙයට අන්තර්ගත විය යුතු යම්කිසි ජනවරමක් අපටත් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව 2019 වසරේ පත් කර ගත්තේ ඉතා පැහැදිලිව එතුමා රටට පොරොන්දුවක් දුන්නා. මෙතනට ඇවිල්ලා පොරොන්දුවක් දුන්නා. ජනාධිපතිතුමත් මේ නව ජනාධිපත්තුමත් පොරොන්දුවක් දුන්නා, පාර්ලිමේන්තු ක්‍රමය ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බව. මේක තමයි ජනවරමේ අපි ආණ්ඩු බලය ගත්තේ. මහජනයා අපිට ඡන්දේ දුන්නා විශ්වාස කරලා, ආණ්ඩු ක්‍රමයක් අළුතින් ඇති කරනවා කියලා. මේ දෙකම ආරම්භ කරන්න යන ගමනට රමේෂ් සිල්වා මැතිතුමා, අපි කවුරුත් දන්න අපේ රටේ සුවිශේෂ නායකත්වය දරණ නීතිඥයවරයෙක්. එතුමා ප්‍රධාන ප්‍රධානීන් ගණනාවකින් සමන්විත කමිටුවක් පත් කළා. ඒ කමිටුව කටයුතු කරමින් අවසාන වාර්තාව භාර දුන්නා. ඒ කමිටු වාර්තාවෙත් මේ ආණ්ඩු ක්‍රමය සම්බන්ධව තිබෙන පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගැනීම සඳහා වූ යොජනාවල් තිබෙනවා. මේ ආණ්ඩු ක්‍රමය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යොජනාවල් තිබෙනවා. ඒ වගේම වෙන වෙන ආයතන රටේ තිබෙන වෙනස් වෙනස් ප්‍රතිසංස්කරණයකට භාජනය කිරීම තිබෙනවා. මේ කටයුත්ත සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟම, සංශෝධනය සමඟම ඉතුරු ඉතිරි වී තිබෙන වැඩ කොටස නොකරොත් මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අවුල් තත්ත්වයකට ක්‍රියාත්මක කිරීමේදී පත් වන්නට ඉඩ තිබෙනවා. මං ඉඩ තිබෙන බව කියන්නේ ඇයි? පාර්ලමේන්තුවේ ඡන්ද ක්‍රමය හා ජනාධිපති ක්‍රමය අතර යම්කිසි මතභේදයක් තියෙනවා. මේ පළවෙනි වතාව නෙමෙයි. ගරු කථානායකතුමනි, අරන් බලන්න. ඔබතුමාටත් මතක ඇති.

17වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. මට මතකයි ඒ කාලේ අපේ තාවකාලික ආණ්ඩුවක් අපි ඇති කළා, චන්ද්‍රකා කුමාරතුංග මැතිණිය. තාවකාලික ආණ්ඩුවක් ඇති කරලා ඒ ඉල්ලීම් මාලාව ඇතුලත් කරලා පළවෙනි වරට ජනාධිපතිගේ බලතල සමඟ කටයුතු කරන්න පාර්ලිමේන්තු කමිටුවක් ඇති කිරීමට එකඟතාවයන් ඇති කළා. අපි අමතක නොකළ යුතුයි. ඒ කොතන බලයද ඉල්ලා සිටියේ, ජනාධිපතිගේ බලයේ කොටසක් අපිට පාර්ලිමේන්තුවට දෙන්න. එය 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැමිණියා. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තවත් වෙනසකට භාජනය කළා. ඒත් පාර්ලිමේන්තු බලය වැඩිකර ගැනීමට ජනාධිපති ධූරයේ.

ඊට පස්සේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. 18යි 19යි දෙකම සම්බන්ධ කළේ කථානායකතුමනි, එකම පාර්ලිමේන්තුව. හිටපු පාර්ලිමේන්තුව.

ඒ අතරතුර යම් යම් දේශපාලන පෙරළි වුණා. නමුත් එකම පාර්ලිමේන්තුව. දැන් අපි 20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයකුත් ගෙනාවා.

එය පුද්ගලිකව (මට කතාකරන්න ඉඩ දෙන්න ඔබතුමාලා කතා කරා ඇති දැන්. මට කතා කරන්න එපයි කියනව නම් මම ඉද ගන්නම්. කරුණාකරලා සවන් දෙන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ සවන් දෙන්නත් ඉගෙන ගන්න. මම හොදට සවන් දීලා තියනවා. ඔය එක එක දේශපාලන විජ්ජාවන් වලට අපි සවන් දුන්නා. ගරු කතානායකතුමාත්, මමත් දන්නවා කොච්චර අමාරු වුණාද කියලා. මහජන ජීවිත හා අපේ රට ආරක්ෂා කරන්න, ඒ දවස් දෙක තුන. ඔව් හිනාවෙන්න පුළුවන්. මිනී මැරුම් වෙනකොට. මිනී මැරෙන කොට අඩන පිරිසත් වැඩියි කියන එකත් මතක තියා ගන්න. ඒ නිසා තමයි කතානායකතුමයි, මමයි මේ අපේ මිය ගිය ඝාතනයට ලක් වෙච්ච මන්ත්‍රීතුමා වෙනුවෙන්: මම අද කියන්නම් කැබිනට් මණ්ඩලයේ මිලියන 10 දක්වා වන්දි ගෙවන්න තීරණයක් ගත්තා. ගිය සුමානේ. මේ අපේ මන්ත්‍රීවරුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කරන්න. මේ හා සමානව, අද රාජ්‍ය සේවකයෙක් ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරනවා නම්, අද අපි ඒ තැනට එන්න ඕනේ. ඒ නිසා මම, අවම වශයෙන් තිබුණ ඒ නීතිය අපි වෙනස් කළා. මොහොමඩ් කතානායකතුමා පත් කරලා තිබුණු ඒ මිලියන 5 සීමාව වෙනස් කළා. රට බංකොලොත් අමාරු තත්ත්වයක තිබියදී. අපි අහිංසක මන්ත්‍රිතුමාව ඝාතනය කිරීම හෙළා දැකලා විතරක් මදි. ඒ පවුලේ අය ඔහුගේ යැපෙන්නන්ට කටයුතු කරන්නට. )

එතකොට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල සංශෝධනයන් ඇති කළා එවකට තිබුණු ආණ්ඩුව. ඉතිං ඒකටත් ඡන්දය පාවිච්චි වුණා, 2/3 ක් ලබා දුන්නා. අපේ පක්ෂෙත් ලබාදුන්නා. මම එදා හිටියේ විපක්ෂේ. මම විරුද්ධ වුණා . සංශෝධන ගණනාවක් ගෙනාවා. සමහර ඒවා නවත්ව ගන්න පුළුවන් වුණා. නමුත් අපි ඡන්දය පාවිච්චි කළා.

මම එකක් කියනවා ගරු මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා මෙතන නෑ. අපේ විජේදාස ඇමතිතුමාත් ඉන්නවා. අග්‍රාමාත්‍යතුමා හැටියට හිටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මෙතන නෑ. නමුත් අද ජනාධිපති තුමා ඒ අවස්ථාවේ ප්‍රතිඥාවක් අපිට දුන්නා. ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒ පිළිබඳ පනත ඉතාම ඉක්මනින් ගේන බවටත් එදා පොරොන්දු වුණා. ඉතින් අද දක්වා එැවනි දෙයක් සිද්ධ වෙලා නැහැ.

නමුත් අපි කවුරුත් එකඟ වෙනවා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරලා ආසනයකට බලපාන ප්‍රධාන වශයෙන් වූ මන්ත්‍රීවරු පිරිසක් මෙහි පත්විය යුතුයි. මන්ත්‍රීවරුන් ගරු පාර්ලිමේන්තුවට පැමිණියාම ඔක්කොම ඇමතිවරු වෙන්නෑ. ගරු කතානායකතුමනි, ඔක්කොම උප ඇමතිවරු වෙන්නෑ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආසන මට්ටම 30%කට අපි ඒක සීමා කළා. ඒ සිමාව තවම පවතිනවා. එහෙනම් අනිත් මන්ත්‍රීවරුන්ටද සහභාගිවී කටයුතු කළ හැකි ලෙස මේ දේශපාලන යාන්ත්‍රණය වෙනස් වෙන්න ඕනේ. ආසනවලින් එන මහජනයාගේ ප්‍රශ්න වලට ඒ ආසන වලින් පත්වෙන මන්ත්‍රීතුමන්ලා වගේම විධායක පාලන ක්‍රමය පාර්ලිමේන්තුවේ ඇති කිරීම, අපි එකඟ වුණා. ක්‍රියාත්මක කරන්න තාම හැකියාව සම්පූර්ණයෙන් ඇති වුණේ නැහැ. මේ විධායක කාරක සභාවල මන්ත්‍රීවරුන්ට රාජකාරි, ජාතික ප්‍රතිපත්ති, සංවර්ධන තීරණ, මූල්‍යමය හා කටයුතු පිළිබඳ කටයුතු කිරීමේ හැකියාව තියනවා. ඒ නිසා සියලු දෙනා ඇමතිවරු වෙන්නේ නැහැ. සියලු දෙනා උප ඇමතිවරු වෙන්නෙත් නැහැ. 225ක මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවක් දැනට අපි සීමා කරගෙන ඉන්නවා. අපි ඒක වැඩි කරන්න සුදුසු නෑ කියලත් කියලා පැහැදිලිව ප්‍රතිඥා දීලත් තිබෙනවා. මේ තුළ මේ විධායක කාරක සභා ක්‍රමයත්, ක්‍රියාත්මක කිරීමත්, මේ ප්‍රතිසංස්කරණයේ තවත් කළ යුතු වහා වහා කටයුත්තක් ලෙස අග්‍රාමාත්‍යතුමා හැටියට මම ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

මේ නිසා 22න් ප්‍රශ්ණය සම්පූර්ණ වෙන්නේ නැහැ. 22න් එහාට ගියපු මේ ප්‍රතිසංස්කරණත් කළ යුතුයි කියලා ව්‍යවස්ථාදායක ඇමතිතුමාත් අපිත් අමාත්‍ය මණ්ඩලයත් සාකච්ඡා කළා. ජනාධිපතිතුමාගේ එකඟතාවය තිබෙනවා ඒ කටයුතුත් ඉටු කිරීම වගේම රමේෂ් සිල්වා (59.14) Committee Report. It is Opened. I remember former President Gotabaya Rajapaksha has handed over the Report. He went to his room as he was at that time he could not leave. At that time he could not leave the President’s house. At the Cabinet meeting he walked to your room came back and handed over here what this sub committee has drafted the draft Constitution, so there is a draft Constitution, we can’t say no. whether government is going to introduce it or introduce the other committee report that have been drafted before this has to be addressed. Let us not stop way. This is the crisis that we are facing. In addition to the economic crisis.

අපි පසුගිය මාස තුනේ දී සම්පූර්ණ බර ජනාධිපතිතුමා හා අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ බර යොමු කළේ ආර්ථික අර්බුදය හා ආර්ථික බර, ආර්ථික අවුල විසදා ගන්න. මේ සභාව කතාකරන කොට සාක්කි දරයි. ගෑස් ප්‍රශ්නේ. විදුලි ප්‍රශ්නේ. ඉන්ධන ප්‍රශ්නේ. පොහොර ප්‍රශ්නේ. මේවා දැන් ක්‍රමානුකූලව අපි විසදා ගෙන ඊළඟ මහා කන්නෙට ගමන් කරමින් ඉන්නවා. මී ළඟ මහා කන්නේ කියන්නේ ගොවි ජනතාවගේ ජයග්‍රහණ කන්නේ. මේ රටට ගේන්න පුළුවන්. අපි ඔක්කොමලා ඒ නිසා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. නමුත් ඒ සදහා වැඩ කිරීමේ ඕනෑකම මම විශේෂයෙන් සඳහන් කරන්නේ.

ඒ අතර තමයි මේ දේශපාලන යාන්ත්‍රණයේ වෙනස්කම් ඇති කිරීම සදහා මේ ආරම්භයට අපි 22 ගෙනල්ලා තියෙනවා. එය අනුමත කරගෙන අපිට ඉදිරියට යන්න. ඒවගේම ආණ්ඩු ක්‍රමයේ විශාල වෙනස්කම් කිහිපයක් ඇති කරන්න තියෙනවා. ඒවත් ඇති කරලා ගමන් කිරීමට පුළුවන් නම්. විරුද්ධ පක්ෂෙත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ වගන්ති රාශියකට අනුමත කරන්න බෑ. ජනමත විචාරණයකින් කියලා නිර්දේශයක් එවලා තියනවා. ඒ වගේම තමයි අපි ඉදිරිපත් කරපු එක. ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු එකටත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවලා තියනවා නිර්දේශයන්. ජනමත විචාරණයකට පමණයි අනුමත කළ හැක්කේ. පාර්ලිමේන්තු සම්මුතියක් ලැබුණත්. ඉතින් එහෙම නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන නියෝගය අනුව තමයි ආණ්ඩුක්‍රම පනතක් හෝ ඕනෑම පනතක් විග්‍රහය හා අවසානයේ නීතිමය ලෙස පාර්ලිමේන්තුවට සම්මත කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට අපි යෝජනා ගෙනාපු ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ සභාවක පාර්ලිමේන්තුවේ එළියේ යෝජනා කරපු නිසාම එය නීතිගත කිරීමට හෝ ව්‍යවස්ථාගත කිරීමට හෝ නොහැකියාවක් තිබෙන බව මා හිතන්නේ පාර්ලිමේන්තුවේ සැමදෙනා ඉතා හොදින් පිළිගන්නා වූ කරුණක්.

මේ 19 වෙනි ව්‍යවස්ථාව දැන් 22 කරා පැමිණ තිබෙනවා. ඒ වෙනුවෙන් කොමිෂන් සභා ඇතිවන ආකාරය ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය තුමා පැහැදිලි කළා. මුඛ්‍ය අරමුණක් විය යුත්තේ විධායක ජනාධිපතිගේ බලතල ක්‍රමානුකූල හා වේගයෙන් පාර්ලිමේන්තුවට පරිවර්තනය කර ගැනීම. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එපැයි කරන්න. ගරු කතානායකතුමනි, එයට අනුව කරන්න නම් ආණ්ඩුක්‍රම විශාල වෙනසකට පරිවර්තනය කරන්නට ඕනේ.

ඒ වගේම අපේ රටේ වැදගත් නඩු තීන්දු රාශියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපේ මාතෘ භූමිය සම්බන්ධව, රට පිළිබඳව, රටේ ව්‍යවස්ථාව පිළිබඳව, ව්‍යවස්ථාවේ මූලික අංගයන් පිළිබඳව, ඒ ගැන කටයුතු කිරීමට හැකි ක්‍රියාමාර්ග අනුව තමයි මේ කොමිසන් සභා පත් කළේ. නමුත් කොමිසන් සභා පත් කළාට මා අග්‍රාමාත්‍යවරයා හැටියට කියනවා කොමිෂන් සභා වලට බරපතල වගකීම් ඇති අය හා බරපතලව රටේ ප්‍රතිපත්ති වෙනුවෙන්, රටේ ස්ථාපිත ප්‍රතිපත්ති වෙනුවෙන් කටයුතු සිදු කළ හැකි අය පත්වෙන්න ඕනේ. ඒ තමයි බලපෑමක් රටට ඇතිවෙනවා නම් ඇති වෙන්නේ.

අපේ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොවක් කිට්ටු වෙන්න රාජ්‍ය සේවයේ ඉන්නවා ගරු කථානායකතුමනි. අපි විශාල අර්බුදයකට මුහුණ දෙනවා. මේ කාල පරිච්ඡේදයේ. රාජ්‍ය සේවය වශයෙනුත්, ඵලදායීකත්වය වශයෙනුත් ඒ වාගේම මූල්‍යම වශයෙන් ලක්ෂ පහමාරක් විශ්‍රාමිකයන් ඉන්නවා මේ රටේ. රාජ්‍ය සේවයේ කටයුතු කරලා විශ්‍රාම ගිය අය මේ ආකාරයෙන් විවිධ කොටස් තියෙනවා ගෙවීම් කරන්නේ කෝමද? ඒ නිසා පාර්ලිමේන්තුව බලය ඉල්ලීම පමණක් නෙමෙයි, බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ගැඹුරු වගකීමක් දරන්න වෙනවා බලය ගත්තාට පස්සේ. ඒ සඳහා විධායක කාරක සභා ක්‍රමය තමයි වඩාත්ම යෝග්‍ය කියන එන තමයි අපි නම් විශ්වාස කරන්නේ. මම සාක්ෂි දුන්නා රොමේෂ් සිල්වා කොමටියේදී, මමත් සාක්ෂි දු‍න්නේ පදනම පදනම් කර ගෙන. එවැනි ක්‍රියාමාර්ග වලට තමයි සාමූහිකව පාර්ලිමේන්තුවේ මොන පක්ෂෙකින් පත් වෙලා ආවත් එකට වැඩ කරන ඔබතුමා ඊයේ මූලාසනය දැරුවා.

මම මේ ටික පොඩ්ඩක් බාහිර දේකුත් කියනවා. National Council සියලු පාර්ශවයන් සිටියා. සියලු පක්ෂ. අපේ කිරි ඇල්ල මැතිතුමත් හිටියා. අපි විදුලි බල ඉන්ධන ප්‍රශ්නය ගත්තා. කුමක්ද වුණේ? ඔබතුමාටයි අපි කාටත් දැනගන්න ලැබුණා මේ ආයතන දෙක, මේ ආයතන දෙක පුනර්ජනය, විදුලි ආයතනයත්, ලංකා විදුලි බල සංස්ථාවත්, දෙකම මත දෙකක් ප්‍රකාශ කරන්නේ. මත දෙකක්. එකම කාරණය ගැනත් මත දෙකක්. මේ රටේ විදුලිය පිළිබඳ අනාගතය ගැනත් මත දෙකක්. නැත්නම් කවුද මේකට බැනුම් අහන්නේ? අපේ විදුලි බල ඇමතිතුමා. මේකට අද බනින්නේ විදුලි බල ඇමතිතුමාට. දැන් මේ ආයතන දෙකේ නිලධාරීන්වත් එක එක කාරණාවකටවත් එකඟතාවකට ගේන්න බැරි වුණු බව ගරු කතානායකතුමා අපි ඊයේ දැක්කා. ඉතිං ජාතික සභාවක් ඇති කරලා කටයුතු කිරීමට කරන ලද යෝජනාව සම්මත කරලා කටයුතු කරගෙන යද්දී මේ ගන්නා වූ බලතල ක්‍රියාත්මත කිරීමට හැකි මර්ගයන් ගැන මීට වඩා ගැඹුරින් සළකා බැලිය යුතුව තිබෙනවා. ඉතිං මෙන් ඒ ලේඛනය කියවන්න යන්නෙ නෑ.

ව්‍යවස්ථා සභාව නැවත ඇති කරලා තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ සංයුතිය සඳහන් වෙලා තිබෙනවා. සභාවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ සභාවේ සභාපතිවරු සාමාජිකයන් පත් කිරීම, කොමිෂන් සභා නමයක් පිළිබඳ විශේෂයෙන් විගණණ කොමිෂන් සභාව සුවිශේෂයි. විගණණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව එක්ක එකට වැඩ කරන්න බැරි නම්, පාර්ලිමේන්තුවය විගණණ කොමිෂන් සභාව කියන දේට සවන් දෙන්න බැරි නම්, දේශපාලන වශයෙන් කාට රිදුනත් කමක් නෑ. සවන් දෙන්න බැරිනම්, විගණණ කොමිෂන් සභාවකින් ඇතිවෙන ඵලයක් වෙන්නේ නෑ. නාස්තිය, වංචාව, දූෂණය එතනින් අඳුනාගෙන කියනවා නම්, ඒකට හිස නමන්න පුරුදු වෙන් ඕනේ. එහෙම කරන්න බැරි නම් මේ රට වැනි කොමිෂන් සභා වලින් පරිපූර්ණ විසඳුමකට පිරිවර්තනය වීමට නොහැකි තාවය මතුවී තිබෙනවා. මම කියන්න යන්නේ නැහැ. අපේ මිත්‍ර හිටපු ජනාධිපතිතුමා, කිරි ඇල්ල මැතිතුමත් හිටියා අපි කමිටු රැස්වීමෙදි කිව්වා. පොලිස් කොමිෂන් සභාවෙදි තිබුණු ප්‍රශ්නය, පොලිස් පතිතුමා ඉවත් කර ගැනීම සඳහා ආණ්වඩුව අතර තිබුණු කඹ ඇඳිල්ල. පත් කිරීමට හා ඉවත් කිරීමට දෙකටම කඹ ඇද්දුවා. නමුත් කවුද ඒකේ හානිය බුක්ති වින්දේ? සමාජය හා රට. සමාජය හා රට. මේක තමා මේවා ඇති කරනකොට තිබෙන විපාක. විපාක පැත්තක් කල්පනාවට භාජනය කොට ආරක්ෂා කර ගත යුතුයි කියන එක සඳහන් කරන්න ඕනේ. අනිත් ටික ශ්‍රේෂ්ඨාධිකරණය සහ මුළු අධිකරණ ආයතන සම්පූර්ණයන් ගැන, ඒ ව්‍යවස්ථාටෙව් මේවා පත් කිරීමේ බලය ගැන, නිර්දේශ කිරීමේ බලය තිබෙනවා.

ඒ වාගේම ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පත් කිරීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ බලතල තිබෙනවා. සේවා සම්බන්ධ හා අපි යෝජනාවල් ඉදිරිපත් කිරීමේ ජනාධිපතිවරයාට තිබෙන සුවිශේෂ විධායක බලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මතයක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව ශේෂ්ඨාධිකරණය යම් යම් විෂය කාරණා පිළිබඳව අදහසක් ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිතුමාට අමාත්‍යවරයෙක් නැති විෂයයකට සීමා කාලයක් සඳහා ඒ විෂය භාරව ඉන්ට පුළුවන් කියලා. නමුත් යම් යම් කේන්ද්‍රීය විෂයයන් ජනාධිපතිවරයාට රාජ්‍ය ආරක්ෂාව භාරව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂ අංග, වෙනස් නොකළ හැකි දෑ entries closes are very clear. Entries closes වෙනස් කරන්න වෙනම මාර්ගයක් කරන්න යන්න ඕනේ.

ඉතින් ඒ නිසා අපි ප්‍රකාශ කරන්න පුළුවන්, ප්‍රකාශයන් කරා නොයෙක් නොයෙක් යෝජනාවන් කරන්න පුළුවන්. එම ක්‍රියාදාමයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකඩක් තිබෙනවා නම් මහජනායාගෙන් අහලා එන්න කියලා තමයි, අවසර අරන් එන්න කියලා තමයි, කියලා තියෙන්නේ. කියවන්න Supreme court තීරණය.

මා දීර්ඝ වශයෙන් කථා කරන්නේ නෑ. මම යලිත් සිහිපත් කරනවා, මෙතනින් මෙය නොනවත්වා ආණ්ඩුක්‍රම වෙනසකට භාජනය කිරීම සඳහා වූ කෙටුම්පතත්, අනික් ඒ සම්බන්ධව ඉදිරිපත් කරන යෝජනා ඉක්මණින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මඟින් කටයුතු කිරීමට පුළුවන් නම් මම හිතන්නේ ව්‍යවස්ථා කටයුතු ඇමැතිතුමත් එකඟතාව පල කරලා තියෙනවා, ජනාධිපතිතුමත් එකඟතාවය පල කරලා තියෙනවා. අපි ඒවා ඉක්මණින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් රටවැසියන් ඊට වඩා විශ්වාසයක් තබයි. එසේ නැතුව අපි විවිධ විවේචකයන්ගේ කෝණයන්ගෙන් කෙරෙන විවේචනයන්වලට පමණක් මුහුණ දීමට පුළුවන්කම සඳහා අපි භාජනය වීමෙන් අලුත් මාර්ගයකට ගමන් කරමු.

ඒ වගේම නව ව්‍යවස්ථාව වගේම එහි අන්තර්ගත කිරීමට අලුත් ඡන්ද ක්‍රමයකින් ඒ මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ තුළ වැඩ කරන්න පුළුවන් ආකාරයේ විධායක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීම වැදගත්. මොකද අපි කැබිනට් මණ්ඩලයේ බලතල ක්‍රමානුකූලව ඉවත් කරගත්තේ නැති වුවත් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර ගැනීමේ උත්සාහයකට තමයි මේ මම කියපු 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට අද දක්වා මේ ගැටුමකට හා උත්සාහයකට යෙදී තිබෙන්නේ. පාර්ලිමේන්තු බලය වැඩි කරන්නේ කොහොමද? සමහර ඒවා කරන්න ඕනි කියනවා, නමුත් කරන්න බැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා කරන්න බැහැ. ශේෂ්ඨාධිකරණය ඒක අපිට සියලුම ආකාරයෙන් පෙන්වා දී තිබෙනවා.

එහෙම නම් අපිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තව තිබෙනවා. මම එයත් මම හිතනවා ව්‍යවස්ථාදායක ඇමතිතුමත් අපේ පක්ෂ නායකයොත් ඔබතුමාටත් ඉදිරිපත් කළා. පුළුවන් උපරිමය ස්ථාවර නියෝගය හරහා ගමන් කරමු. ඒක කරන්නත් තාම එකඟ නෑ. ස්ථාවර නියෝග හරහා පුළුවන් තරම් දුර පාර්ලිමේන්තු බලය වැඩි දියුණු වැඩි කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට පුළුවන්කම තිබෙනවා. මා හිතනවා ඒකට පුළුවන් සංශෝධන රාශියක් යම් යම් ක්‍රියාමාර්ග ඇති කරන්න කටයුතු කරන්න අපේ කමිටු රාශියක් අලුතින් ඇති කරලා තිබෙනවා දැන්. ඒවා වහාම වැඩ පටන් ගෙන කටයුතු කරන්න පුළුවන් වුණොතින් ස්ථාවර නියෝග හරහා පාර්ලිමේන්තු බලය වැඩි කර ගැනීමේ උත්සාහයට අපි ගමන් කරමු. මොකද අත්හිටවන්න ඕන තැන අත්හිටවන්නේ පාර්ලිමේන්තු අනුමැතිය ඇතිව.

If you say no, නෑ කථානායකතුමා දන්නවා ඔබතුමා කියනවා. ඔබතුමා හැමදාම උදේ නැගිටලා මොනාහරි කියන්න එපැයි. කිව්වට ඔබතුමාට විරුද්ධව ඡන්දයක් ඉල්ලන්න තිබුණා. එක දවසක්වත් ඉල්ලුවාද විරුද්ධව ඡන්දයක්? Once when honorable Karu Jayasooriya was in the chair, we from the opposition ask for a division when the Government propose something, early morning and our our our objection was carried because you all in at the number that day. I can teach you how to how these thing can be challenge. I don’t want to teach anyone. Because මේ ඕනෑකම තියෙන්නේ හොඳ වැඩක් හෝ කරන දෙයකට විවේචනය මිසක් අලුතෙන් නිර්මාණශීලී කිසිවක් නෑ. අපි මුහුණ දෙන අනික් අර්බුදය එයයි. නිර්මාණශීලි විය යුතුයි.

පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ම ගැඔුරින් මේ අපි මුහුණ දෙන අර්බුදය පලවෙනියෙන් කල්පනා කරන්න ආර්ථික හා ජන ජීවිතයේ ආරක්ෂාව හා පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වය ගැන නැත්තම්, මුදල් බලයක් ගැන මොකද පාර්ලිමේන්තුවේ කථා කරන්නේ? මුදල් බලය පාවිච්චි කරන්න දැන ගන්නට ඕනේ මේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති තුළින් මහජන ජීවිතය රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඒවාට එකඟතාවයෙන් කටයුතු කරන්න අපි එකඟතාවය පළ කරනවා. ඒ වගේම දේශපාලන යාන්ත්‍රණයේ වෙනස්කම් ඇති කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථාදායක කටයුතු පිලිබඳ ගරු අමාත්‍යතුමා විජයදාස රාජපක්ෂ මැතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන අපි සියලු කැබිනට් ඇමතිවරු මෙය අනුමත කරා. එය ඉදිරිපත් කරලා තිබෙනවා. ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එකඟතාවයට පාර්ලිමේන්තුව ලබා දෙයි කියලා. මීට වඩා මම කාල වේලාව ගන්නෑ. යම් යම් මම කියපු කාරණා පැහැදිලි කරන type පිටපත තිබෙනවා ගරු කථානායකතුමනි. ඒ අනුව ඒ සකස් කරන හැන්සාඩ් වාර්තාවට අපි ඇතුලත් කරගමු.

අද පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මේ බරපතල අවස්ථාවක් මැද. ඉතින් ඒ නිසා ඒ බරපතල අවස්ථාව එලෙස සලකා මේ ගැන දක්වා තිබෙන එකඟතාවයන් සමහරවිට විපක්ෂයට ඕනකම තියෙන්න ඇති යම් යම් සංශෝධන ගෙන්න. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දැනටමත් සංශෝධන කීපයක් දීලා තියෙනවා. සංශෝධනයන් ඉදිරිපත් කිරීමට හැකියාව කාරක සභා අවස්ථාවට තමයි සාකච්ඡාවට ලක් වෙන්නේ. නමුත් ඒවාට ඉඩකඩත් ශේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව කියවනකොට ශේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉඩකඉත් බොහොම අඩුයි අපිට කාරක සභා අවස්ථාවකදී හෝ සංශෝධනය කරන්න. මේක තමයි පසුගිය දවසෙත් අපිට කල් තියන්න සිද්ද වුණේ. කිරිඇල්ල මැතිතුමා මමත් හිටියා. නීතිපතිතුමා සහභාගී වුණ අවස්ථාවේ. ඒ ගැනත් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට සලකා බලන්න කියලා සලකා බැලිය යුතුයි කියලා සඳහන් කරමින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි වෙනසකට භාජනය කරමින් මම අවසානයේ කියනවා විධායකයට අයිති බලතලයක් ක්‍රමානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් හා ස්ථාවර නියෝග හරහා ඇති කළ හැකි බලතල ප්‍රමාණය වැඩි කර ගනිමින් ගමන් කරන මේ ක්‍රියාමාර්ගය අපි ඉදිරියට ගෙන යමු. ස්තූතියි.’

Leave a comment

Your email address will not be published. Required fields are marked *