• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන ක්ෂේත්‍රයට විකල්ප තිබුණද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නෑ -සෞඛ්‍ය ඇමති

26 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕනෑම අභියෝගාත්මක වකවානුවක වුවද රටෙහි මාර්ග, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් සඳහා විකල්ප පැවතියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික ක්‍රීඩා උළෙලෙහි සමාප්ති අවස්ථාවේදීය.

පුරා දින දෙකක් (22, 23) නුවරඑළිය තුරඟ තරඟ පිටියේදී මෙය පැවැත්විණි. දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් 2000 ‌ට අධික හෙද නිලධාරීන් පිරිසක් මෙයට එක් වු අතර, ක්‍රිකට්, අත්පන්දු, දැල්පන්දු, බැට්මින්ටන් යන ක්‍රීඩා මෙහිදී පැවැත්විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මිනිස් ජීවිත හා ගැටගැසුණු ප්‍රමුඛතම අවධානය යොමු වන ක්ෂේත්‍රය වන බැවින් එම සේවාවේ ඉහළ සිට පහළ දක්වා සියල්ලන්ගේම අධිෂ්ඨානය හා කැපකිරීම රටෙහි ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවයට හේතුවන බවද අමාත්‍යවරයා පැවසිය.

සෞඛ්‍ය සේවාව වගකීම් සහිත ක්ෂේත්‍රයක් බවත් එහි රාජකාරි කිරීමේදී මනසේ නිරවුල් බව අතිශය වැදගත් යැයිද ඒ තුළ ක්‍රීඩාව, එකමුතුකම, සහෝදරත්වය අතිශය වැදගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවාව යනු කිසි කලෙක විකල්ප නැති ක්ෂේත්‍රයක් යැයිද, අනෙක් සැම ක්ෂේත්‍රයක් සදහාම විකල්ප පැවතියද, සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නැතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. අනෙක් සියලු ක්ෂේත්‍ර වලට වඩා සෞඛ්‍ය සේවාව ගාම්භීර සේවාවක් බැවින් එහි වටිනාකම් ජීවිතයේ තෘප්තිමත් බව කරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ජීවිත සාර්ථකත්වයට ගතහැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙහිදී අමාත්‍යවරයා අතින් වොලිබෝල් කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ඇඹිලිපිටිය පළාත් මහ රෝහලේ කණ්ඩායමටත් , ශූරතාවය දිනාගත් අනුරාධපුරය හෙද විදුහල් කණ්ඩායමටත්, දක්ෂතම ප්‍රහාර ක්‍රීඩිකාව ලෙස තේරුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ අයේෂා ගමගේ, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරීපත් වූ අනුරාධපුරය හෙද විදුහලේ කේ.ඒ.ටී.වික්‍රමසිංහ, වොලිබෝල් පිරිමි අංශයේ අනු ශූරතාවය දිනාගත් ගාල්ල හෙද විදුහටත්, ශූරතාවය දිනාගත් අනුරාධපුරය ශික්ෂණ රෝහල් කණ්ඩායමටත්, දක්ෂතම ප්‍රහාරකයා ලෙස තේරී පත්වුනු අනුරාධපුර ශික්ෂණ රෝහලේ කසුන් උඩගෙදර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීපත් වුනු මිලින්ද දිසානායක, ක්‍රිකට් තරගාවලියේ හොදම පිතිකරු ලෙස ක්‍රීඩා කල නුවරඑළිය මහ රෝහලේ සුරංග සෙනෙවිරත්න, හොදම පන්දු යවන්නා ලෙස තේරුණු නුවරඑළිය මහ රෝහලේ සුපුන් වලකුඹුර, තරගාවලියේ වීරයා ලෙස තේරී පත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාමල් රත්නායක යන හෙද නිළධාරීන් හා නිළධාරිනියන්ටත්, 2022 ක්‍රිකට් අනුශූරතාවය දිනාගත් කුරුණෑගල ශික්ෂණ රෝහල් කණ්ඩායමට හා 2022 ක්‍රිකට් ශූරතාවය දිනාගත් නුවරඑළිය මහ රෝහල් කණ්ඩායමටත් ඔවුන්ට හිමි කුසලාන පිරිනමන ලදී.

 

මෙහිදී අදහස් දැක්වු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා,

අප රටෙහි, හෙද සේවාවට බොහෝ දේවල් එක් කල සංගමයක් ලෙස අපගේ සංගමය සේවාවේ තෘප්තිමත්භාවයට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. හෙද සේවාවේ ගැටලු, වැටුප්, දීමනා සහ අනෙකුත් බොහෝ කරුණූ වෙනුවෙන් පෙනී සිටි සංගමයක් ලෙස ජනතාවගේ සුරක්ෂිතතාවයට ද ඉන් නොදෙවෙනි සේවාවක් එක් කර තිබෙනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත්වුණු සංවිධානයක් ලෙස ජාතික මට්ටමෙහි බොහෝ කාර්යයන් තුළ රටෙහි තීන්දු තීරණ හමුවේ කටයුතු කර තිබෙනවා. අද රට බරපතළ තත්වයක පවතින අතර ආර්ථීක, දේශපාලනික වශයෙන් කඩා වැටුණු රටක සිට මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තෘප්තිමත්භාවය ඉහළ නැංවීමට අපට හැකියාව ලැබේවි. කඩා වැටුණු රට ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස අපි කැපවීම, වගකීම නිසිලෙස හදුනාගනිමින් කටයුතු කල යුතුයි.

මෙම අවස්ථාවට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, ලේකම් අජිත් රත්නායක, ජාතික සංවිධායක සුගත් ජයසිංහ, නුවරඑළිය මහ රෝහල් අධ්‍යක්ෂ මහින්ද සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති චන්ද්‍රලාල් කරුනාරත්න, නුවරඑළිය පොලිස් අධිකාරී එම්.ඒ.සිරිවර්ධන, ILOPS ආයතනයේ සභාපති චූල රත්නායක යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ හෙද හෙදි නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

 

 

 

Post Views: 2
Previous Post

අපේ සියලුම ආයතනවල තිබෙන සම්පත් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න -අමාත්‍ය රොෂාන්

Next Post

මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නෑ – සභානායක සුසිල්

editor

editor

Next Post

මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නෑ - සභානායක සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved