27 April 2024
#දේශීය

මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නෑ – සභානායක සුසිල්

පාර්ලිමේන්තුව හා සමාන වෙනත් මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නොමැති බවත් එසේ පිහිටුවීමට උත්සාහ කිරීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක් බවත් සභානායක අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ දැනට සති කිහිපයකට පෙර සිට පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් පැවැත්වීමට සූදානම් වන බව ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ය. විශේෂයෙන්ම මැතිවරණයකිදී ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත් වන බවත් මහජන නියෝජිතයින් වෙනෙස් කළ යුතු නම් ඡන්දයකදී එය කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එබැවින් මෙවැනි උත්සාහයන් දැරීම නීත්‍යානුකූල නොවන බවත් එය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කිරීමක් බවත් ඒ මහතා පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම පිළිබඳ මතු කළ කරුණ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමුකොට ඇති බව පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *