ශ්‍රී ලංකා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) සවස පැවැත්විණි.
වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ කරුණු මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.