• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට

27 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30ට ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමටද, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවිත්වීමටද මෙහිදී තීරණය විය.

විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5. 00 ට පැවැත්වීමටද මෙහිදී එකඟතාවය පළ විය. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා ‍කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සිදු නොකිරීමට ‍කාරක සභාවේදී තීරණය වූ අතර දෙසැම්බර් 09 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කර ප්‍රශ්න 50ක් ඇසීම සඳහා වෙන් කොට තිබෙන බවද මහලේකම්වරයා පැවසීය.

අයවැය විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.

පාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 08 වැනිදා යළි රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 09 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මතකිරීමට නියමිතය.

නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණ අමාත්‍යාවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 03ක් දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.

උක්ත දින 03දී පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට තිබේ. එම දිනයන්හිදී පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ යෝජනා සඳහා වෙන් කොට තිබේ.

නොවැම්බර් 11 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර එදින පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, ගරු ටී.බී ඒකනායක, ගරු තුරෙයිරත්නසිංහම්, පූජ්‍ය බද්දේගම සමිත හිමි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද මහලේකම්වරයා පැවසිය.

Post Views: 1
Previous Post

ඔවුන්ට සහන සලසන්න බදු අය කිරීම හැර වෙනත් විකල්පයක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

මාර්ග නීතී පිළිපැදීමේ ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් 

editor

editor

Next Post

මාර්ග නීතී පිළිපැදීමේ ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved