විරෝධතාකරුවන් ගෙවල් ගිණිතැබීමට, මිනිස්සු මැරීමට ආවොත් ඒ සඳහා රජය තදින් ක්‍රියාකළ යුතු බවත් මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව අද (31) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ප්රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නැගිටින්න හදන උත්සාහය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කරනවා.
පිලිතුර – ඔහු ඉන්නේ තමන්ගේ පුතා පක්ෂයට ගෙන ඒමේ ව්‍යාපෘතියකයි. ඔහුගේ කාලයේදී තමයි රටට වැඩිම ණය මුදල් ගත්තේ. ඒක වහගන්න නොයෙකුත් දේවල් කියනවා. නමුත් අපි උත්සාහ ගන්නේ මේ අභියෝග ජය ගන්නයි.
ප්රශ්නය – ඉදිරි මැතිවරණවලට පොහොට්ටුෙවන් ඉදිරිපත් වෙල ජය ගන්න පුළුවන්ද ?
පිලිතුර – පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක්. හෙට මැතිවරණයක් තිව්වත් අපිට ශක්තිමත්ව නැගිටින්න පුළුවන්.
ප්රශ්නය – නමුත් පක්ෂය කෑලි දෙකතුනකට කැඩිල නේද? විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශවය ආණ්ඩුව දැඩිව විවේචනය කරනවා.
පිලිතුර – බලය වැඩිවුණාම පාලනය කරගන්න බැහැ. ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර තියෙනවා. සාධාරණ විවේචන පිලිගන්න අපි සූදානම්. නමුත් රට මුහුණදී තිබෙන මේ අභියෝගවලට මුහුණ දෙන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිකමට තරඟ කරනව කියල මඟ ඇරියා. අභියෝග භාර ගන්න පුළුවන් නායකයෙක් එක්ක තමයි ගමනක් යන්න වෙන්නේ. ඒ අභියෝගය භාර ගත්ත නායකයා වෙනුවෙන් පක්ෂය යම් කැපකිරීමක් කරල තියෙනනවා.
ප්රශ්නය – නමුත් චෝදනාව එල්ල වෙන්නේ ඔබතුමන්ලා අලියා ශක්තිමත් කරනවා කියලයි?
පිලිතුර – අලියගෙන් පාර්ලිමේන්තුවෙ ඉන්නේ එක්කෙනයි. ජනාධිපතිතුමත් පක්ෂය ශක්තිමත්කරන්න උත්සාහ ගන්නේ නැහැ. අනිත් කෙනා විවේචනය කරනවා වෙනුවට අපි දැනගන්න ඕන අපේ පක්ෂය ගොඩගන්න.
ප්රශ්නය – ලබන දෙවැනිදාත් කොළඹ වැටලීමේ සූදානමක් තියෙනවා.
පිලිතුර – සාමකාමී, සාධාරණ විරෝධතාවලට අපි ඇහුම්කන් දෙනවා. නමුත් ගහලා, මරලා ආණ්ඩු ගන්න දෙන්න බෑ.
ප්රශ්නය – ඒ කියන්නෙ මර්ධනයෙන්ද ?
පිලිතුර – මර්ධනය මර්ධනයෙන් නතර කරන්න ඕන එකයි මම කියන්නේ. ඒ සඳහා අපිත් සූදානමින් ඉන්නවා. මේක රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසෙන්න ඕන වෙලාවක්. මිනිස්සු මැරීම, ගෙවල් ගිණි තැබීම සාධාරණීකරණය කරවාද?. ඒවා සාධාරණය කරන්න පුළුවන්ද. මිනිස්සු මරලා, ගෙවල් ගිණි තියලා ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න බෑ