• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක්

4 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා වන මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ තවත් එක් වැදගත් පියවරකි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා “ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රියාවලියේ දී ද්විපාර්ශ්වික හවුල්කරුවන් අප වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ අපගේ ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරනු ඇති අතර මෙය වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට සහ අපගේ වර්ධන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට උපකාරී වනු ඇතැයි මෙම රජය සමාජ හා ආර්ථික සමෘද්ධිය නැවත ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර අපගේ පුරවැසියන්ට තීරණාත්මක මහජන සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍යමය ආරක්ෂාව නැවත වර්ධනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබුණු මෙම ඵලදායී රැස්වීමට එක්වීම පිළිබඳව මම නිල ණය හිමියන්ට ස්තූතිවන්ත වෙනවා. 2022 සැප්තැම්බර් 01 වැනි දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම වැඩසටහන මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය යථා තත්ත්වයට පත් කිරීම, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන අතරම තිරසාරභාවය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අපේක්ෂා කරනවා.

මෙම ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව තිබෙන්නක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉලක්කගත ප්‍රතිසංස්කරණ වටා කේන්ද්‍රගත වී ඇත. රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කරුණු හතරක් මත පදනම් වේ:

පළමු කරුණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයයි. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධව, රාජ්‍ය ව්‍යවසාය වලින් පැන නගින මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලි මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම සමඟ ඒකාබද්ධව ඉලක්කගත ආදායම් පදනම් කරගත් මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහන මඟින් පුරෝකථනය කරයි. වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පවතින සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම ද ඊට ඇතුළත් ය.

දෙවන කරුණ වනුයේ රජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය තිරසාර නොවන ලෙස සලකනු ලැබ ඇති අතර, විස්තීර්ණ ණය පහසුකමක් මගින් ඒ සඳහා අවධානය යොමු කර ඇත.

තෙවනුව, මෙම වැඩසටහන මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර ආරක්ෂාව නැවත ගොඩනැගීම අරමුණු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නුදුරේදීම ස්වාධීනත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන පනතක් සම්මත කිරිමට නියමිතය.

ස්වාධීනත්වය ශක්තිමත් කරන සහ එහි ප්‍රතිපත්ති රාමුව නවීකරණය කරන මහ බැංකු පනතක් සම්මත කර ගැනීමට නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

වැඩසටහනේ සිව්වන කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා ප්‍රධාන කොන්දේසියක් වන මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වී ඇති බව සහතික කිරීම සහ එහි රාජ්‍ය බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව සහ පාලනය ශක්තිමත් කිරීම මගින් මෙය සාක්ෂාත් කරගනු ඇත.

මෙම කරුණුවලට අමතරව, ශ්‍රී ලංකාවේ නීති රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මාලාවක් රජය විසින් හඳුන්වා දෙනු ඇත.

(දේශීය මාධ්‍ය සඳහා වැඩිදුර තොරතුරු විමසීම් [email protected] )
(ආයෝජකයන් සහ ජාත්‍යන්තර මාධ්‍ය සඳහා වැඩිදුර විමසීම් – [email protected])

 

Post Views: 9
Previous Post

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් විය මියගිය අහිංසකයන් නැවත මරාදැමීමක් – ජයන්ත සමරවීර

Next Post

ධීවර ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට සාකච්ඡා – අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් අවධානය

editor

editor

Next Post

ධීවර ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට සාකච්ඡා - අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved