රුපියල් මිලියන 200 වියදමින් ඉදිකරන ලද යාපනය මඩ්ඩුව්ල් ව්ශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණය සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාද්‍රර් මස්තාන් මහතා පසුගිය 02 වනදා එක්විය.
2022 මාර්තු මස මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කලත් විවිධ ගැටලු හේතුවෙන් අද වන විට භාවිතයෙන් තොරව පවතී.
ජලය,විදුලිය ,මල ප්‍රවාහන පද්ධතියේ අඩුපාඩු හා නරක් වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගැටලු නිසා මෙම ආර්ථික මධ්‍යස්තානය වැසී තිබුනි.
නමුත් කාදර් මස්තාන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත නිරීක්ෂණය කරනු ලැබූ අතර අඩුපාඩු සකස් කර ලබන ජනවාරි මාසයේ සිට ජනතාවගේ ජීවනාලිය නංවාලීමට උපරිම දායකත්වය ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය හා යාපනය දිස්ත්‍රික් ලේකම් එකග විය.
මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් ලේකම් ,වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න මහතා ,ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමලනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.