27 April 2024
#ක්‍රීඩා

ජාතික කනිෂ්ඨ සංචිතය සඳහා දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවන් තේරීම පොලොන්නරුවේ දී.

ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය හෙට ( 05) සහ අනිද්දා (06) යන දෙදින පොලොන්නරුව ගල්ලෑල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 39 ක් සහභාගී වේ. මෙම තරගාවලියේ දී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් 2023 වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සංචිතය වෙත ඇතුලත් කර ගැනීමට නියමිතය.

පොලොන්නරුව පාසල් දැල්පන්දු ක්‍රීඩිකාවන් හා පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් හට මෙම දින දෙකෙහි පුහුණු සැසියක් පැවැත්වේ. දැල්පන්දු හිටපු ජාතික පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පුහුණු සැසිය පැවැත්වේ.

ප්‍රවීණ දැල්පන්දු පුහුණුකාරිනී යමුනා සඳමාලි මහත්මියද, ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ක්‍රීඩිකාවන් පිරිසක් ද මෙයට සහභාගී වේ. මෙම පුහුණු සැසියේ දී පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් දක්ෂ පුහුණුකරුවන් කිහිප දෙනෙක් තොරාගෙන ඔවුන් ජාතික මට්ටමට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් ද සකස් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *