• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට අගධායට පත් කරන්නේ ජවිපෙයි – මන්ත්‍රී විජයමුණි කියයි

7 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

 

මේ රටේ ත්‍රස්තවාදය ඇති කරනවා නම්, මේ රටේ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන එක මං කියනවා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්ක‌යේ කළාවැව මැතිවරණ කොට්ඨාශයේ ආසන බල මණ්ඩලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” මට ලබා ගන්න දෙයක් නෑ, මම කැබිනට් ඇමතිකම් 05 ක් කරලා තියෙනවා, මම මහ ඇමතිකම කරලා තියෙනවා, අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුලුවන්කමක් නෑ, අපි මැරෙන්න කලින් මේ රටේ සාධාරණ සමාජයක්, යුක්ති සහඟත සමාජයක්, රටේ ජනතාවගේ වගකීම භාර ගන්න පුලුවන් නායකයෙක් මේ රටේ නායකයා බවට පත් වෙනවා දකින්න විජේමුණි සොයිසා කැමතියි, ඒ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස.අපි ඒකට කැමතියි, ඒ නිසා තමයි දේශපාලනය කරන්නේ, නැත්නම් ඡන්දේ ඉල්ලන්නවත් අබමල් රේණුවක බලාපොරොත්තුවක් නෑ, අපිට අවශ්‍යයි අපේ මවුබිම.

ගහකොළට,මහපොළවට, සතාසිවුපාවට අපේ ආදරය තියෙනවා, මේ අපේ ජනතාවට, අපේ අනාගත පරපුරට අලුත් දැක්මකින්, අලුත් වැඩපිළිවෙලකින්, නවීන තාක්ෂණයකින්, දැනුම බුද්ධිය කේන්‍ද්‍ර කර ගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ වගකීම ඉටු කරන්න පුලුවන් එකම විකල්ප නායකයා වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා.

අපේ හදවතේ අරගලයක් තිබුණා, රාජපක්ෂලා පන්නලා දාන්න . මම අප්පච්චි මළා කිව්වේ අවුරුදු 10 කට කලින්. අ‌පේ හදවතේ අරගලය, පොහොට්ටුවේ වේවා, වෙන දේශපාලන පක්ෂයක වේවා, මුස්ලිම් වේවා-දෙමළ වේවා, මේ හැම සහෝදර ජනතාවගේම හදවතේ තිබුණා මුන් එළවන්න ඔ්න කියලා.ඒ අරගලය සාමකාමී අරගලයක්, ඒ අරගලය විනයාණූකූල අරගලයක්, ඒ අරගලය ගෝල්ෆේස් පිටියේ ආරම්භ කරලා, ටික දවසක් යන කොට මේ අයට පුලුවන්කම ලැබුණා, මේ අරගලයට අපි හැමෝම ආශිර්වාද කළා, අපේ නායකතුමා ආශිර්වාද කළා, අ‌පේ හිතවත්තු ගියා, අපි කන්න බොන්න ඇරියා, අපි මූණ දෙන්න, අපේ ඔලුව දාගන්න ගියේ නෑ, අපේ නායකතුමා ගියෙත් නෑ, මේ අරගලයෙන් නායකතුමත්, අපි හැමදෙනාම බලාපොරොත්තු වුණේ රාජපක්ෂලා එළවන එක, අපි දැක්කා අරලිගහ මන්දිරයට ගියා, සාටකයෙන් අමුඩය ගහගෙන පැනලා ගිහින් දූපතක ගිහින් හැංගිලා හිටියේ,ජනාධිපති මන්දියරට ගියා, මේ රටේ පරිපාලන මධ්‍යස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා, අපි කල්පනා කළා දැන් අලුත් යුගයක් ආරම්භ වෙයි කියලා. මට මතකයි 71 අපි පුංචි කොල්ලෝ ඒ කාලේ රූපවාහිනී තිබ්‌බේ නෑ , ගුවන් විදුලිය තිබ්බේ, දැන් එයි රෝහණ විජේවීර විජේවීර, අපිත් කල්පනා කළා, අපිටත් වෙනසක් පුංචි කාලේ ඔ්න වුණා.අපි හිතුවා ගුවන් විදුලිය අල්ලයි කියලා, ගුවන්විදුලිය අල්ලන්න බැරි වුණා.නමුත් රූපවාහිනී සංස්ථාව ඇල්ලුව මම හිතුවා දැන් එයි නායකයෙක් කියලා.දමිළ, මුස්ලිම්, සජිත් ප්‍රේමදාස මහත්තයා, ජනතා විමුක්ති පෙරමුණ, අනෙක් දේශපාලන පක්ෂ මේ ඔක්කොම වාඩි වෙලා තාවකාලික ආණ්ඩුවක්, ත්‍රිවිද හමුදාපතිවරු ගෙනල්ලා අලුත් ආණ්ඩුවක් හදලා රාජපක්ෂ දේශපාලන හමාර කරලා තාවකාලික ආණ්ඩුවකින් මැතිවරණයකට යයි කියලා අපි කල්පනා කළා හය මාසයකින්, හත් මාසයකින්.

මේකට දේශපාලන නායකත්වයක් තිබුනේ නෑ,ඒ නායකත්වය දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ගෝල් ෆේස් එකට ගියා, ගියාම හයේ හතරේ පොල්ලකින් කෙළලා ඇරියා, වාසනාවට එතුමාගේ ජීවිතය බේරුණා.එතුමා ගිහිල්ලා එදා වාඩි වුණා නම් මේ අරගලයේ නියම ප්‍රථිපලය ජනතාවට ලැබෙනවා.එහෙම නම් දේශපාලන නායකත්වය එතුමා ගොණු කරනවා මේ කොල්ලෝ -කෙල්ලොත් එක්ක කථා කරලා, අද අරගලය බහුජන අරගලයක් හැටියට, එතුමත් එක්ක සම්බන්ධ වෙලා, අන්තිමට මේ අරගලය ප්‍රචණ්ඩත්වය කරා ගෙන ගියා ජනතා විමුක්ති පෙරමුණ. 88 ත් එක කළා, 71ත් එක කළා, 88-89 ත් කළා, මේ සැරෙත් ඒක කළා, මේ ජනතාව‌ගේ පිබිදීම, ජනතාවගේ හදවතේ අරගලය, කාලකන්නි අරගලයක් බවට පත් කරන්න, ඝාතන රැල්ලක් බවට පත් කරන්න, පාර්ලිමේන්තුව වට කරලා, ස්කැවේටර් ගෙනිහින් සොල්දාදුවොත් එක්ක මරා ගන්න ගිහින් මහා විජ්ජුම්බරයක් කළා,මොකක්ද ඒකෙන් වුණේ, ප්‍රචණ්ඩත්වය මතු කරලා රනිල් වික්‍රමසිංහට දුන්නා වාසිය. ජනතාවට ඡන්දය නෙමෙයි, රනිල් වික්‍රමසිංහ දුන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත.අන්න ජනතා විමුක්ති පෙරමුණ කරපු දේ, මේ ප්‍රචන්ඩත්වය මගින් ආණ්ඩුවට දුන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ආරක්ෂක කළාප ගැසට් කරලා, හෙලිකොප්ටර් ගිහින්, ගෝල්ෆේස් එක උඩින් තුවක්කු අල්ලාගෙන ජනතාව මර්ධනය කරන්න ආණ්ඩුවට ලැයිසන් එක දුන්නා. අපි ඒකයි කියන්නේ මේ ගොල්ලන්ට රැවටෙන්න එපා කියලා.

වැව් දහසේ වැඩපිළිවෙල යටතේ, නුවර එළියේ හඟුරන්කෙත ආසනයේ වැව් 1000 විවෘත කරන්න, මම ගිහින් බලන කොට වැව හාරලා, පස් ටික තියෙනවා වැව ඇතුළෙම, ඊළඟ වැස්සට වැව ආයේ ගොඩවෙනු ලැබේ.මම චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ එතකොට, මම ගිහින් ඇහුවා මේ මොකක්ද කරලා තියෙන්නේ, අපි ඒකයි කියන්නේ දැන් පුංචි බබාලා වගේ කථා කරන්නේ මේ අය, චන්ද්‍රිකාගේ ආණ්ඩුව හැදුවා, චන්ද්‍රිකා එක්ක හිටියා, මුං හරියට බත් මුට්ටිය තියලා, බත් මුට්ටිය ඉදෙනකොට ඒකට පයින් ගහලා දුවනවා.වගකීම් භාර ගන්නේ නෑ, චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටියා, මහින්දගේ ආණ්ඩු‌වේ හිටියා, මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවේ හිටියා, සරත් ෆොන්සේකට උදව් කළා, දැන් රනිල්ට උදව් කරනවා. දූෂණ වැලැක්වීමේ කාර්යාලයක් තිබුණා රනිල් වික්‍රමසිංහගේ අරලියගහ මන්දිරේ, මේ කාර්යාල‌යේ හිටියේ අනුර කුමාර, අනුර කුමාර එක්කෙනකුටවත් නඩු දැම්මේ නෑ, ෆයිල් පෙන්න පෙන්න භය කර කර හිටියා.ඒවාට භය වෙයි සමහර අය, අපි දන්නවා, පාස්කු ප්‍රහාරයේ ඒබ්‍රහීම් කවුද? අනුර කුමාරලාගේ පක්ෂයේ, මේ රටේ ත්‍රස්තවාදය ඇති කරනවා නම්, මේ රටේ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන එක මං කියනවා.අපි දැක්කා 88-89 දී අහිංසක ගම්වල කොල්ලෝ – කෙල්ලෝ ඉස්සරහට දාලා මේ ගොල්ල හැංගුණා, මේ සැරේ පාර්ලිමේන්තු අරගලයත් වෙන පිරිසක් ඉස්සරහට, මේ ගොල්ල පිටිපස්සේ.

අපේ නායකතුමා එහෙම නෑ, එතුමා අරගල භූමියට යනවා, එතුමා ප්‍රජාත්‍රන්තවාදී නායකයෙක්, ජනතාවට ආදරය කරන නායකයෙක්, මේ යුනිෆෝම් එක දාගෙන ඉන්න පොලිස් නිළධාරියා අපේ සහෝදරයෙක්, අපේ අයියා කෙනෙක්, අපේ මල්ලි කෙනෙක්, මේ අපේ අය, පිට අය නෙමෙයි, මේ දෙගොල්ල මරා ගෙන වැඩක් තියෙනවාද? එහෙම නම් රාජපක්ෂලා එළවන වැඩේ අද අපිට කරන්න තියෙන්නේ අරගලයට වඩා ප්‍රජාත්‍රන්තවාදීව මැතිවරණයක් ලබා ගෙන, ඒ ලබා ගන්නා මැතිවරණයේදී දූ දරුවන්ට කියන්න පිස්සු කෙලින්න එපා කියලා.මේ දූදරුවන්ට කියන්න ඒ ලබා ගත්ත මැතිවරණයේදී ප්‍රජාත්‍රන්තවාදීව මේ ලෝකය පිළිගන්න නායකයෙක් පත් කරගන්න කියන්න.

දැන් මේ නැව ගිලෙනවා, රනිල් මහත්තයා කිව්වා ටයිටැනික් නැව අයිස් කන්දක හැප්පුණාම මට භාර දුන්‌නේ කියලා.ඇත්ත කථාව ටයිටැනික් නැවේ ආදරවන්තයයි, ආදරවන්තියයි අත් පටලගෙන, තෑගී හුවමාරු කරගෙන, අල්ලාප සල්ලාපයේ යෙදී යෙදී, ආදරයෙන් හිටියා නැව ගිලෙනකල්, ඒ වගේ තමයි රාජපක්ෂලත් උන් ගහනවා, අදත් ගහනවා- හෙටත් ගහනවා, අපේ තෙල් ටිකෙනුත් ගහනවා, ගෑස් ටිකෙනුත් ගහනවා හැම එකෙන්ම ගහනවා.මුංට මේ සැරේ ගහනවා නොකවුට් වෙන්න ගහනවා යැයි මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට සූදානම් -මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Next Post

ඉදිරි දෙවසර තුළ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

editor

editor

Next Post

ඉදිරි දෙවසර තුළ ලෝක ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනපතිගෙන් යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025

Recent News

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved