• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිපුණතා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හෙට සිට ඇරඹේ

9 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හෙට (10) සිට ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කෙරේ.

එහි සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, සව්සිරිපායේදී හෙට (10) දින පැවැත්වේ.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) වර්තමානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු පාර්ශවකරුවන් වන කොන්ත්‍රාත්කරුවන්, දේපළ සංවර්ධනකරුවන්, ඉදිකිරීම් ද්‍රව්‍ය හා උපාංග සැපයුම්කරුවන් හා නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම එම අධිකාරිය සතු කාර්යභාර්යකි.

2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතට අනුව මෙම වැඩසටහන මගින් නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප පරීක්ෂා කර ලියාපදිංචි කිරීම, ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හා ඔවුන්ගේ තොරතුරු දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සිදු කෙරේ. එමගින් දේශීය සහ විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට අවශ්‍ය ඉදිකිරීම් ශ්‍රමිකයින් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.

ලියාපදිංචි වන ඉදිකිරීම් ශ්‍රමිකයින් මූලික වශයෙන් ක්ෂේත්‍ර 25 ක් යටතේ වර්ගීකරණය කොට ‘ප්‍රධාන ඉදිකිරීම් ශ්‍රමිකයින්’ සහ ‘ඉදිකිරීම් ශ්‍රමිකයින්’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ ඔවුන් සදහා ශිල්පීය හැදුනුම්පත් ලබා දීම සිදු කෙරේ. ‘ප්‍රධාන ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ – 4 මට්ටම හා වසරක පළපුරුද්ද අවශ්‍ය වේ. ‘ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ – 3 මට්ටම හා මාස 6 ක පළපුරුද්ද අවශ්‍ය වේ.

නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි කිරීම සදහා කුසලතා පරීක්ෂණයක් (Skills Test) පවත්වනු ලැබේ. එය සමත් වන ශිල්පීන් සදහා හැදුනුම්පතට අමතරව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සහතික පත්‍රයක්ද පිරිනැමේ. ඊට අමතරව නිපුණ ශ්‍රමික මාර්ගෝපදේශ අත්පොතක් සහ නිපුණ ශ්‍රමික වාර්තා පොතක්ද එම ශිල්පීන් සදහා ලබා දෙයි.

මෙම කුසලතා පරීක්ෂණය වාචික සහ ප්‍රායෝගික ලෙස කොටස් දෙකකින් යුක්තය. ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබද දැනුම හා අවබෝධය, කාර්යක්ෂමතාවය, ශිල්පීය හැසිරීම, වෘත්තීමය ආචාරධර්ම, රාජකාරියේ පූර්ව දැනුම, උපකරණ හා මෙවලම් නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම සහ නිමාව පිළිබද පරීක්ෂාව යන කරුණු පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරේ.

නිපුණ ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ගෝලීය අවශ්‍යතාවයට අනුකූලව සවිබල ගැන්වීම තුළින් ඔවුන්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථා සදහා යොමු වීමේ හැකියාව පවතී.

එමෙන්ම වඩා ළුලදායි හා ගුණාත්මක නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවෙකු වීමේ අවස්ථාව සහ වෘත්තීමය ප්‍රමිතිය වැඩි දියුණු කරගැනීමටද මෙම වැඩසටහන මගින් අවස්ථාව උදා වේ.

Post Views: 2
Previous Post

උතුරු මුහුදේ නාවික හමුදා සිදුකළ මෙහෙයුමකදී කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනි

Next Post

මාතලේ දිසා ‍ ලේකම් කාර්යාලයට සම්මානයක්

editor

editor

Next Post

මාතලේ දිසා ‍ ලේකම් කාර්යාලයට සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved