27 April 2024
#දේශීය

මාතලේ දිසා ‍ ලේකම් කාර්යාලයට සම්මානයක්

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් 2020 වසර සදහා සංවිධානය කළ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ විශේෂ කුසලතා සම්මානයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හිමිවිය.

මෙවර සම්මාන තරගාවලියේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ම සම්මාන හිමිකර ගැනිමට සමත්වීම විශේෂත්වයකි.

එහිදී මාතලේ, , අඹන්ගග කෝරළේ , දඹුල්ල, ලග්ගල, විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා කුසලතා සම්මානද, උකුවෙල පල්ලේපොල, ගලේවෙල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා විශේෂ කුසලතා සම්මානද හිමි විය. තෙවන ස්ථාන හිමිකරගත් රත්තොට, නාඋල, යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා සම්මාන ඉදිරියේදී ලබාදීමට නියමිතය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චම්පිකා ධර්මසේන, මාතලේ , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන නිශාන්ත කරුණාතිලක, ලලිත් ඇටම්පාලවල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *