27 April 2024
#දේශීය

උතුරු මුහුදේ නාවික හමුදා සිදුකළ මෙහෙයුමකදී කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කලේය.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය කිලෝග්‍රෑම් 458 කට අධික වන අතර එය රැගත් ඩිංගී යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) අවුරුදු 37 සහ 44 යන වයසේ පසුවන මණ්ඩතිව් සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරල ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදුකරනු ලබයි.

 

එමෙන්ම, 2022 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5479 කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දී ඇති අතර, එහි දළ වීථි වටිනාකම රු. මිලියන 1643 කට අධික වේ.

 

 

 

 

Navy and Coast Guard take hold of Kerala cannabis worth over Rs. 137 million gross street value in northern waters

 

A coordinated operation carried out by the Sri Lanka Navy and Sri Lanka Coast Guard in the sea area southeast of the Delft Island, Jaffna in the wee hours of 09th November 2022, led to the seizure of Kerala cannabis weighing over 458kg (wet weight) from a dinghy.

 

Sri Lanka Navy and Coast Guard regularly conduct search operations and patrols in island’s waters to ward off illegal activities taking place via sea routes.

 

As an extension of these efforts, the Coast Guard Craft CG 402 attached to the Northern Naval Command, searched a suspicious dinghy in the sea area southeast of the Delft Island on 09th November. The search led to the seizure of about 458kg and 900g (wet weight) of Kerala cannabis in 18 packages and apprehension of 02 suspects and the dinghy used for the act of smuggling.

 

The gross street value of seized Kerala cannabis held in this operation is believed to be more than Rs. 137 million.

 

The suspects held in this operation were identified as residents of Mandaitivu and Nachchikuda, aged 37 and 44. The suspects along with Kerala cannabis and dinghy will be handed over to the Delft Police for onward legal action.

Meanwhile, the Navy has seized over 5479kg of Kerala cannabis in 2022 and the gross street value of the stock is over Rs. 1643 million.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *