• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘හූ’ කියනවානම් එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් – මන්ත්‍රී සංජීව

14 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යම් කෙනෙක් දේශපාලනික හෝ කිසියම් ආකාරයක පොදු අවස්ථාවකදි තව පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට ‘හූ’ කියනවානම් එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් හැටියට දකින්නේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “අද ලංකාවේ දේශපාලනය තුළ බොහෝම අභියෝගාත්මක දවසක්. අද අයවැය ඉදිරිපත් කරන දවස. ජනතාවගේ පැත්තේ සිට බොහෝම බලාපොරොත්තු සහගතව මේ අයවැය දිහා බලන්නේ. ඒ වගේම ගරු ජනාධිපතිතුමන්ට අපි සුභ පතනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට එතුමන්ගේ මංගල අයවැය වෙනුවෙන්. මේ අයවැය දීර්ඝකාලීනව රටේ ජාතික ආර්ථිකය තුළ ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම කියන ප්‍රමුඛ අපේක්ෂාව පෙරදැරිවයි ඉදිරපත් වන්නේ. රටේ ආර්ථිකයේ සාර්ව ආර්ථික තත්වයන් යහපත් තැනකට හැරවීම සඳහා වන මුලික පසුබිම මේ අයවැය තුළ සකස් වෙවි කියන එක තමයි අපේ බලාපොරොත්තුව සහ අපේක්ෂාව සහ ප්‍රාර්ථනය. පසුගිය දුෂ්කර ආර්ථික තත්වයන් තුළ ආර්ථික වශයෙන් දැඩිව පිඩාවට පත්ව සිටින සමාජ තීරුව සම්බන්ධයෙන් අපිට බලාපොරොතුවක් තිබෙනවා. විශේෂයෙන් බාහිර සහයෝගයකින් තොරව තමන්ගේ දෛනික අවයශ්‍යතා සපුරා ගැනිම සම්බන්ධව පවා දුෂ්කරතාවයකට පත්ව සිටින ජනතාව වෙනුවෙන් යම් සමාජ ආරක්ෂන වැඩපිළිවෙළක් සහ ඔවුන්ට යම් සහයෝගයක් ලබා දෙන වැඩපිළිවෙළක් පිළිබඳවත් අපිට ආණ්ඩුවක් විදිහටත් දේශපාලන පක්ෂයක් විදිහටත් බලාපොරොත්තුවක් තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්න උත්සහ කරනවා මේ පාර අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන් ඉෂ්ට කිරීමක් විදිහට. නමුත් මේ අයවැය ඉදිරිපත් කරන්නේ රටේ පවතින ආර්ථික තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ අනාගත වැඩපිළිවෙලක් සහිතවයි. නමුත් අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි මේ මොහොතේ ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසිරෙන ණය පහසුකමක් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙලකයි.ලෝකයේ ඕනෑම රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවැනි ගනදෙණුවකට යන ඕනෑම අවස්ථාවකදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරනවා. එය සාමාන්‍ය පොදු තත්වයක්. මෙය ඇතමුන් විශේෂ තත්වයක් විදිහට ඇතමුන් දේශපාලනිකව වැරදි අර්ථ නිරූපණයක් කරනවා. ඊයේ දවසේ උත්තර නැමති දේශපාලන කණ්ඩායම විසින් මහනුවර තියපු රැස්වීමේදී කිසියම් පාර්ශවයක් ඔවුන්ට ‘හූ’ කියලා විරෝධයක් පල කරන ආකාරයක් අපි දැක්කා. ඒ වගේම ඊට පෙර අනුරාධපුරයේදීත් ඔවුන්ට එවැනි තත්වයකට මුහුණ දෙන්න සිදු වුණා කියලා ආරංචියක් තිබුණා. මේ රටේ ඕනෑම කණ්ඩායමකට තමන් නිවැරදි කියන දේශපාලන මතයක් සමඟ වැඩ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිය පවරලා තිබෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම ගරු කලයුතුයි. යම් කෙනෙක් දේශපාලනික හෝ කිසියම් ආකාරයක පොදු අවස්ථාවකදි තව පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට ‘හූ’ කියනවානම් එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් හැටියට අපි දකින්නේ. අනෙකාගේ දේශපාලන අයිතියට ගරු කරමු කියන යෝජනාව නූතන අනාගතවාදි දේශපාලන ක්‍රියාවලියක නිරතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සියලු පාර්ශවයන්ට යෝජනා කරන්නේ අනෙකාගේ දේශපාලන අයිතීන්ට ගරු කිරිම වෙනුවෙන් අපි හැමෝටම වගකීමක් තිබෙන බවයි. මේ රැස්වීම් භූමි දෙක පිළිබඳව දේශපාලනිකව අපේ නිරික්ෂණය තමයි ලංකාවේ ප්‍රධාන දේශපාලන බලවේගවලින් පුංචි කොටසක් එළියට අරගෙන ගිහින් දේශපාලනය කරන එක ඒ තරම් පහසු නෑ කියලා මේ රැස්වීම් දෙකේ ජන සහභාගීත්වය සහ ඒ තුළ තිබුණු ප්‍රාණවත් බව දිහා බැලුවාම ඉතාම හොඳින් නිරීක්ෂණය වෙනවා ලංකාවේ දේශපාලනය තුළ 2022 වන විට ප්‍රධාන ධාරාවෙන් පුංචි කෑල්ලක් කඩාගෙන එළියට ගියාට දේශපාලනය කරන එක එතරම් පහසු නෑ කියලා.” යැයි මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

මුදල් අමාත්‍ය සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාව සම්පුර්ණයෙන්

Next Post

සෞදි ව්‍යාපාරික දූත පිරිස විදේශ ඇමැති අලි සබ්රි හමුවෙයි

editor

editor

Next Post

සෞදි ව්‍යාපාරික දූත පිරිස විදේශ ඇමැති අලි සබ්රි හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved