පසුගිය ඉරිදා ආණ්ඩුවේ එක්තරා ජාතික යැයි කියාගන්න පත්තරේක මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ” විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන් සභා ප්‍රමාදයි”යනුවෙන් පළ කොට ඇති ප්‍රවෘත්තිය සහමුලින්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ පුවත පලකිරීම පිළිබඳව අදාල පාර්ශව වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කරන ලෙසත් කතානායකතුමාගේ ඉල්ලා සිටියේය.
තමන් නිරන්තරයෙන්ම නිදහස් හා ස්වාධීන මාධ්‍යයට මාධ්‍යයට ගරු කරන අතර කොන්දේසි විරහිතව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,එහෙත් ආණ්ඩුවේ අසත්‍ය මාධ්‍ය ක්‍රියාකලාපය හෙළා දකින බවත් පැවසීය.
ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම පිළිබඳව රැස්වීම් වාර දෙකක් පැවති බවත් ඒ මාර දෙකේදීම දෙකේදීම ඉතාම සද්භාවයෙන් ඊට තමන් සහභාගි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එවන් තත්ත්වයක් තුළ ස්වාධීන කොමිෂන් සභා වලට පත් කිරීම ප්‍රමාද වෙන්නේ විපක්ෂ නායකවරයා නිසාද කියා තමන් කතානායකවරයාගෙන්ද විමසා සිටින බව පැවසීය.