• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමට සැලසුම් – ඇමැති ප්‍රසන්න

17 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ කඩිනම් වැඩපිළිවෙල අනුව 2026 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට හැකිවනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 206 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය පැවසිය.

ඒ අනුව මේ වනවිට තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බවද එම ඒකකය පැවසිය.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ බිම් බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය අත්සන් තබා ඇත. එම ප්‍රඥප්තියට අනුව 2027 ‍ජුනි මාසය වනවිට මෙරට බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත්කළ යුතුය.

ජාතික බිම් වෙඩි පිළිබඳ ක්‍රියාකාරී මධ්‍යස්ථානය ආරම්භයේ සිට මේ දක්වා විවිධ අමාත්‍යංශයන් යටතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර වර්තමානයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකව පවතී.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කරන ලදි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ සඳහා සෘජු දායකත්වය ලබා දෙයි.

මේ වනවිට මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන දෙකක් හා දේශීය රාජ්‍ය නොවන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන දෙකක් කටයුතු කරනු ලබයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට රජය මූල්‍යාධාර ලබාදේ.

ජාත්‍යන්තර ආධාර සපයනු ලබන ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන හතර සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5ක මුදලක් සපයනු ලැබේ.

මේ වනවිට පුද්ගල නාශක බිම් බෝම්බ 870,412ක් සොයාගෙන ඇති අතර යුධ ටැංකි නාශක බිම් බෝම්බ 2,169ක් සොයාගෙන තිබේ. එමෙන්ම පුපුරා නොගිය යුධ උපකරණ 365,403ක් සොයා ගෙන ඇති අතර පතරොම් හා තවත් කුඩා අවි1,184,823ක් සොයා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ ඒකකය සඳහන් කරයි.

මෙලෙස සොයා ගනු ලබන බිම් බොම්බ, පතරොම් හා අනෙකුත් යුධ උපකරණ සිවිල් ජනතාවගේ අතට පත්වීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් දෛනිකව පුපුරවා විනාශ කරනු ලැබේ.

බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියතුල උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පදිංචි සිවිල් පුද්ගලයන් 3000ට අධික පිරිසකට රැකියා අවස්ථා සැලසී ඇත. සමස්ථයක් වශයෙන් බිම් වෙඩි ඉවත්කිරීමේ ක්‍රියාවලිය තුලින් පුද්ගලයන් 12000කට අධික පිරිසකට ජීවනෝපාය සළසා ගැනීමට හැකියාව ලැබී ඇත.

Post Views: 10
Previous Post

සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරගාවලිය 19 වනදා කොළඹදී

Next Post

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතියේ සහාය ලබා ගන්නවා – ජනපති

editor

editor

Next Post

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතියේ සහාය ලබා ගන්නවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
පහළ ගිය පොල් මිල ගැන කියන කතා

පහළ ගිය පොල් මිල ගැන කියන කතා

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි – හරිනි

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved