ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
මෙවර සිසුන් 2283 දෙනෙකුට උපාධි සහ පශ්චාත් උපාධි පිරිනැමේ. ගුරුවරුන් ඇතුළු අනෙකුත් අධ්‍යාපන වෘත්තීකයින් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඩිප්ලෝමා, උපාධි, සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක් මේ වනවිට පවත්වාගෙන යන අතර එම පාඨමාලා සඳහා ඉදිරියේ දී ලියාපදිංචිවීමට අපේක්ෂා කරන ගුරුභවතුන්ට ඊට අදාළ වැඩිදුර තොරතුරු ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.nie.lk වෙත පිවිසීමෙන් හෝ ගුරු අධ්‍යාපන පීඨයේ දුරකථන අංක 0117601741/0117601803 වෙත ඇමතීමෙන් ලබාගත හැකිය.
ගෝලීය අවශ්‍යතා සපුරාලිය හැකි ශක්තිමත් මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීමේ ජාතික සංවර්ධන ක්‍රියාදාමයට මෙරට ගුරුපරපුර සහ සමස්ත අධ්‍යාපන ක්ෂේත්රයේ නියුතු නිලධාරීන් සවිබල ගැන්වීමේ වගකීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම සියලු පාඨමාලා මෙහෙයවනු ලබයි.