27 April 2024
#දේශීය

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය යථාතත්වයට -මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

දේශීය ආදායම් පාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය (RAMIS) තාක්ෂණික ගැටළුවකට ඊයේ (30) දින මුහුණ දුන් අතර එය මේ වන විට යථාතත්වයට පත් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ කරනු ලබන විමසීමකදිය.

වර්ෂයට අදාල ආදායම් වාර්තා සෑම වසරකම නොවැම්බර් 30 වන දිනට හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. මේ අනුව 2021/2022 වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත දිනය ‌ඊයේ දින (නොවැම්බර් 30) වේ.

මේ හේතුව මත ඊයේ දින පද්ධතිය භාවිතා කරන්නන් වැඩි ප්‍රමාණයක් එකවර පිවිසීමට උත්සාහ දැරීම නිසා පද්ධතියේ තදබදයක් ඇති වී තිබේ. පද්ධතියට පිවිසීමට තිබූ බාධාව මේ වන විට යථා තත්වයට පත් කරමින් පවතී. දින දෙකක් ඇතුළත මෙය සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් වනු ඇත.

නොවැම්බර් 30 දින වන විට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද යනාදී බදු වාර්තා ඊයේ දිනයේදී ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට සතියක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

එකී කාලය තුළ ලබා දෙන වාර්තා නොවැම්බර් 30 දින ලබා දුන්නා සේ සළකා කටයුතු කරනු ඇත. මෙම කාලයට අදාල අධිභාර නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් උපදෙස් ලබා දී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *