පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අය වැය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින මුදල් අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අය වැය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කළා.විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයීමේ දී හඳුනාගත් කණ්ඩායම් සහ පිළිගත් ආයතනවිසින් සිදු කලා වගේම ඒ වගේම හඳුනා ගත නොහැකි කණ්ඩායම් විසින් වගේම පෞද්ගලිකව තම තමන් ව්‍යාපාරයක් හැටියටත් මෙම කටයුතු සිදු කරගෙන තියෙනවා.ඒ අනුව මෙහි බලපෑමක් ග්‍රාමීය මට්ටමෙන් ඇති වෙලා තියෙනවා.2016 අංක 06 දරණ ක්ෂූද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක කිරීමේ දී මෙම පනත අදාළ වුණේ තැන්පතු භාර අරගෙන ණය පහසුකම් ලබා දීමේ ආයතන වලට ඒ හින්දා ලියාපදිංචි ඉතාම සුළු ප්‍රමාණයකට සීමා වුණා.ඒ අනුව අපි අලුතෙන් හඳුන්වා දෙන ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත හරහා අපි බලාපොරොත්තු වෙනවා සියළුම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන ලියාපදිංචියක් කිරීම සහ ඒ වගේම ඔවුන් ක්‍රියාත්මක වීමේ දී කිසියම් නීති රාමුවකට ඒ සියළු දෙනා ඇතුලත් කිරීම.මොකද මේ වෙනකොට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත්ත කණ්ඩායම් මේ වෙනකොට ඉතාම ඉහළ පොලී අනුපාතයන් තුළ ණය ලබාගෙන තියෙනවා.ඒ වගේම මෙහි වැඩිපුරම ණය ලබා ගෙන තියෙන්නේ කාන්තාවන්.ඒ හින්දා අපි බලාපෙරොත්තු වෙනවා මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න අවශ්‍ය නීති රාමූන් රටේ සකස් කරන්න. ඒ වගේම අද තිබෙන ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍ය පරිදි ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩසටහන් වලත් රජය අද වන විට නියැලී සිටිනවා.මොකද මේ වෙනකොට ආර්ථීකය කඩා වැටීම යම් ප්‍රමාණයකට ස්ථාවර කිරීමක් සිදු වෙල තිබුණට සම්පූර්ණ ස්ථාවර වීමක් සිදු වෙලා නැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම,සේවා සැපයීම සිදු වුණාට මීට වඩා ශක්තිමත් ස්ථාවර කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග රජය අරගෙන තියෙනවා.ඒ සඳහා රජය ඉදිරියේ දී මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ නියාමන අධිකාරියක් පිහිටුවීමත් සමඟම වැඩි අවධානයක් යොමු වෙලා ඒ වගේම සියළු දෙනාටම ඒ සේවාව සැපයීමේ දී ජනතාවටත් වඩා සාධාරණ ක්‍රමවේදයක් තුළ ලබා දෙන්න අවශ්‍ය නීති රාමුව අපි සකස් කරනවා” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.