27 April 2024
#දේශීය

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව 23 දා කොළඹදී – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න ලබන 23 වැනි දා කොළඹ දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පවතින ආර්ථික අර්බුදය තුළ නව බදු හඳුන්වා දීම්, පැවැති බදු අනුපාත වෙනස් කිරීම් සිදුව ඇති තත්ත්වයක් තුළ වඩාත්ම වැදගත් පාර්ශ්වය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් නොව බදු ගෙවන්නන් බවයි හෙතෙම පැවසිය.

බදු ප්‍රතිපත්ති සකස් කිරීම සේම ඒවා පිළිබඳ නිරන්තර සංවාදයේ යෙදීම ද රජයේ වගකීම බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

නව බදු නිසා ඒ ඒ සමාජ පන්තීන් මූණ දෙන තත්ත්වයන්, අඩුපාඩු මොනව ද වගේ දේවල් සොයා බැලීමේ වගකීම අපට රජයක් විදියට තියෙන බවත් වෙනස් කළ යුත්තේ මොනවද කියල දැනගෙන නම්‍යශීලි වෙන්නත් රජයක් විදියට අප සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. එසේම සංවාදශීලී සාකච්ඡාවක් හා තොරතුරු හුවමාරු කරගෙන අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් ඉදිරියට යාම තමයි අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *