27 April 2024
#දේශීය

දැන් තියෙන්නෙ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් – ඇමැති ප්‍රසන්න

නව සන්ධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ ඊයේ (15) පැවැති උත්සවයකින් අනතුරුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වන්නේ දැයි මාධ්‍යවේදීයෙකු නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ දෙපාර්ෂවයම අත්දැකීම් බහුල කණ්ඩායම් දෙකක් බවත්, එබැවින් සංධානගත වීම පිළිබඳව ගැටළුවක් නැති බව පැවසු ඇමතිවරයා දැනටමත් තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙම සංධානයට එකතු කර ගැනීමට සාකච්ඡා සිදු කෙරෙන බවද අවධාරණය කළේය.

මේ වනවිට තම පක්ෂය දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානම් බව පැවැසු ඇමතිවරයා ඉදිරි ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකි බවටද විශ්වාසය පළ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *