මෙරට ක්‍රිඩා හා තරුණ සංවර්ධනය සදහා වැඩි දියුණූ කිරිම සදහා එක්සත් එමිර් රාජ්‍යය සහ තුර්කියේ නිල සංචාරයක මේ දිනවල එක්වන ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඒ රටවල්වල නියෝජිතයින් කිහිපදෙනෙකු සමග මෙරට ක්‍රිඩා හා තරුණ සංවර්ධනය සදහා වු වැඩසටහන් සදහා අවශ්‍ය සහය ලබා ගැනිමේ අරමුණීන් සාකච්ඡා කිහිපයක් පැවැත්වාව තිබේ.
ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය විසින් වසර 2023 දි තරුණ තරුණියන් ඉල්ලක්ක කරගෙන විවිධ වැඩසටහන් රැසක් සිදු කරන අතර එහි එක් පියවරක් ලෙස විදේශ රටවලින් සහය ලබා ගැනිම සදහා මේ වන විට ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නංවා ඇති බව තුර්කි රාජ්‍යයේ සිට අදහස් දැක්වු ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
මෙම සංචාරයේදි එක්සත් එමිර් රාජ්‍යයේ ආරාබි සහ චින අන්තර්ජාතික ආයෝජන සමුහ ව්‍යාපාරයේ සභාපති කලාඩි අල් බලුශි (Khaled Al Balushi), මාතලේ හිටපු නගරාධිපති හිල්මි කරිම්,හර්බි සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න