• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසර හිතකාමී ජනතා හිතවාදී නව පරිසර රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය – අගමැති

12 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතන ඡන්ද පැවැත්වීමෙන් අනතුරුව පරිසර හිතකාමී ජනතා හිතවාදී නව පරිසර රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වර්ල්ඩ් විෂන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සමුළුව සම්මන්ත්‍රණය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා ” පළාත් පාලන ආයතන ඡන්දය පැවැත් වීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන සඳහා පරිසරය මුල් කරගෙන පරිසර හිතකාමී ජනතා හිතවාදී නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඔබ සමග එක්ව කටයුතු කිරීමට සම්පූර්ණ සහාය දෙනවා.. හොඳ අනාගතයක් බලාපොරොත්තු වන පළාත් පාලන ආයතන වලට අවශ්‍ය අධ්‍යාපනය නව තාක්ෂණය උපයෝගී කරගෙන අලුත් ක්‍රමවේද අනුව කටයුතු කරන්නට ඉඩ සලසනවා. ඒ බවට රජය වෙනුවෙන් සහ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස සහතික වෙනවා. එහෙත් දැන් අපි මැතිවරණයකට නුදුරු අවස්ථාවක සිටින බැවින් මා මෙය කිව යුතු ද දන්නේ නැහැ. නමුත් හොඳ අනාගතයක් සඳහා මෙවැන්නක් කීම අත්‍යවශ්‍යයි. නරක අනාගතයක් නොව හොඳ අනාගතයක් උදෙසා මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි. නිකසළ රටක්, අතට මුදලක් යන්න වර්ල්ඩ් විෂන් ආයතනය මෙම වැඩසටහනේ ප්‍රධාන තේමාව විදිහට අරගෙන තිබෙනවා. ඕනෑම හොඳ දේක රසවත් අවසානයකුත් තියෙනවා. පරිසර ආරක්ෂා කර ගැනීමට තමන්ගේ ජීවිතවලට දරුවන්ට පවිත්‍රතාවය ලබාදෙන්නට වගේම අපතේ යන දේ මුදලක් බවට පරිවර්තනය කර ගැනීමත් වැදගත් ආදර්ශයක්. ඔබ ආයතනයත් ඒ කාලයේ අපේ රටේ භූගත ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් දියත් කළා. එම වැඩපිළිවෙලට ස්තුතිවන්ත වෙනවා. භූගත ජලය අපවිත්‍ර වීම වැළැක්වීම පිළිබඳ එම වැඩසටහන ආදර්ශයට ගත හැකියි. බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම කසල ප්‍රමාණයක් එළියට දාන්නේ. ගෙදර දොරේ, පාරවල් වල, කර්මාන්තශාලාවල මේ අපද්‍රව්‍ය එකතු කරනවා. මේ කසළ එකතු කරන මහා යන්ත්‍ර කොළඹ නගරයේ තිබෙනවා තවමත් අපි දකිනවා. මෙම ගැටළුව අපට විසඳා ගත හැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය අඩු කරගත හැකියි. මීතොටමුල්ල ඇති වුණු ඛේදවාචකය පිළිබඳ පිළිබඳව අපිට මතකයි. එය කාලයක් තිස්සේ ගොඩ නැගුනත් කිසිවකු කල්පනා කළේ නැහැ එවැන්නක් සිදු වෙයි කියලා. මා නියෝජනය කරන මහරගම මැතිවරණ කොට්ඨාශයේ යන එන ගමනේ හයිලෙවල් පාරේ දකින්නට ඇති මෙවැනි තැනක් දීර්ඝ කාලයක් තිබුණා. අපේ ප්‍රාදේශීය සභාවත් නාගරික සංවර්ධන අධිකාරියත් සැලසුම්කරලා අද එය සම්පූර්ණ පිට්ටනියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. චාවකච්චේරිය වත්තල වගේ ප්‍රදේශවල ඉතා සාර්ථකව මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. එහි තමන්ගේ ගෙදර දොරේ දිරාපත් වන අපද්‍රව්‍ය තැන්පත් කළ හැකියි. සරල විදිහට කතා කළාට මේ ප්‍රශ්නය මහා පරිමාණ ප්‍රශ්නයක්. හැම නගරයකම අද අපද්‍රව්‍ය එක් රැස්කිරීම ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. සෑම පළාත් පාලන ආයතනයක් ම මේ අපද්‍රව්‍ය ගැටලුව විසඳීමට අවදිව එකතුව කටයුතු කළ යුතුයි. මේ පිළිබඳව අවධානය යොමුකර තමන්ගේ අය වැය ලේඛනය සකස් කළ යුතුයි. සිංගප්පූරුවට යන්න අපි බොහෝ දෙනා කැමතියි. සිංගප්පූරුවේ පිරිසුදුකම එයට එක හේතුවක්. ඒ රටේ අපද්‍රව්‍ය ඕන ඕන විදියට විසි කරන්න බැහැ. එහෙම වුනොත් සිංගප්පූරු ජාතිකයෙක් ද විදේශීය ජාතිකයෙක් ද කියලා බලන්නේ නැහැ. දඩ ගහනවා. මේ වගේ පරිසර හිතකාමි රෙගුලාසි නිසා බොහොම ඉක්මනට මිනිස්සු එයට පුරුදු වෙනවා. ලංකාවෙත් එවැනි වැඩසටහනකට ස්වෙච්ඡා බලකායක් අදාල අංශ වල අයට සහාය දිය යුතුයි. පළාත් පාලන ආයතනයන් මීට සහාය දිය යුතුයි. මහජන සහයෝගය නැමැති සංකල්පය මීට වැදගත් යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව සැමරීමට සැලසුම් – ජනපති මාධ්‍ය

Next Post

මෙරටට IMF සහ බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල මැදිහත්වීමක් අවශ්‍යයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

මෙරටට IMF සහ බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල මැදිහත්වීමක් අවශ්‍යයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved