27 April 2024
#Uncategorised

මෙරටට IMF සහ බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල මැදිහත්වීමක් අවශ්‍යයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවැත්වෙන “Voice of the Global South Summit G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් වෙමින් සමුළුව අමතමිනි.

රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසකට හේතු වී ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැඳිලි කරන ලදී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “ආර්ථික අර්බුදයේ බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කෙරේ. විනිවිදභාවය සහ ආර්ථික ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. මේ හරහා විනිමය අනුපාතික නම්‍යශීලිත්වය වැඩි වනු ඇත. ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කිරීම සිදු වේ.” යනුවෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *