• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොයම් කහපැහැ වීමේ ගැන වාර්තාවක් කෘෂි ඇමැති අමරවීරට

25 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාල වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ්, ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විදිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා මින් පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහපැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14ක තම නිලධාරින් යොදවා විමර්ශණ කටයුතු සිදු කර තිබේ. මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයකි.

ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වේ.

කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී තිබේ. ඊට හේතුව නම් ගොවි ජනතාව විසින් MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීමයි. ඊයේ (24) දිනය වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණි.

දැනට බන්ඩි පොහොරවල මිල ඉහළ මට්ටමක පවතින නිසා රජය විසින් අලෙවි කරන බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල ගොවි ජනතාවට පහසුවක් වන පරිදි සැළකිය යුතු මුදලකින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ වනවිටත් ඉදිරිපත් කර තිබේ. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ඉදිරිපත් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 780,000කි. මෙම ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන් වාර්තාවන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයකි. ඉනුත් ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක් පමණ ප්‍රමාණයකි. එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කුඹුරුවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ද පවතින බව තහවුරු වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් කැප වී කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Post Views: 3
Previous Post

ජපන් රජයෙන් මෙරටට එන්නත් ගබඩා කිරීමට අධි තාක්ෂණික ශීත කාමර 13 ක්

Next Post

පොලිසියේ අයට ඇති ප්‍රශ්ණ අඩු කල යුතුයි – රාජ්‍ය ඇමැති ටිරාන්

editor

editor

Next Post

පොලිසියේ අයට ඇති ප්‍රශ්ණ අඩු කල යුතුයි - රාජ්‍ය ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved