27 April 2024
#දේශීය

ජපන් රජයෙන් මෙරටට එන්නත් ගබඩා කිරීමට අධි තාක්ෂණික ශීත කාමර 13 ක්

නිසි උෂ්ණත්වයෙන් යුතුව දීර්ඝකාලීනව එන්නත් ගබඩා කළ හැකි අධිතාක්ෂණික එන්නත් ගබඩා ශීත කාමර (walk-in cold rooms) 13 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය විසින් ඊයේ (24) පරිත්‍යාග කෙරිණි.

ජපන් රජයේ හදිසි ආධාර යටතේ සහ මෙරට ළමුන්ගේ දිගුකාලීන මෙන්ම කෙටි කාලීන සෞඛ්‍ය අවශ්‍යතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ ඒවාට පිළියම් යෙදීමට අවධානය යොමු කරමින් ලබාදුන් මෙම ශිත කාමර මෙරට එන්නත් ගබඩාකරණ කටයුතු සදහා නවීන තාක්ෂණයෙන් මෙන්ම අධික උෂ්ණත්වයට සංවේදීව එන්නත් විශාල තොගයක් ආරක්ෂිතව තබා ගත හැකි වේ.

මෙම වැඩපිළිවෙල සංකේතවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ස්ථාපිත කළ එන්නත් ගබඩා ශීත කාමර 03 ක් විවෘත කිරිම ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකුෂි හිදෙකි මහතාද එක්ව සිටියහ.

යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙන් ජපන් රජය විසින් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට යුනිසෙෆ්හි ශ්‍රී ලංකා නියෝජිත (Representative, UNICEF Sri Lanka) Mr. Christian Skoog , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද,යුනිසේෆ් ආයතනායේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *