• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් දෙරටේම අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් අත්වැල් බැඳගත යුතුයි – ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්

25 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමිනි.

“සංහිඳියාවේ රිද්මය” නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා,”ඉන්දියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් මෙන්ම විවිධත්වයෙන් යුතුව ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් පොදුයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සිය 75වන නිදහස් දිනය සමරනු ලබනවා. එබැවින් සමීප මිතුරන් ලෙස අප මෙම සැමරුම සැබෑ සහජීවනයේ රිද්මය පිළිඹිබු කරමින් එකට එක්ව සැමරිය යුතුයි. එම සහජීවනයේ රිද්මය වෙනස් සංගීත කණ්ඩායම් දෙකක සහ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙකක සුසංයෝගය පමණක් නොව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සුසංයෝගය ද පිළිඹිබු කළ යුතුය. ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි සැමරුම සඳහා සහයෝගයෙන් අප එක්විය යුතු අතර නිදහසේ ශත සංවත්සරය දක්වා වූ වැඩපිළිවෙළට එක්ව කැපවීමට ද අදිටන් කරගත යුතුයි. එම සහයෝගය පැවතිය යුත්තේ දේශපාලන නායකයන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිලධාරීන් සහ සිවිල් සේවකයන් අතර පමණක් නොවෙයි. දෙරටේම අභිවෘද්ධිය උදෙසා සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්විය යුතු බව මගේ විශ්වාසයයි.

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

පොලිසියේ අයට ඇති ප්‍රශ්ණ අඩු කල යුතුයි – රාජ්‍ය ඇමැති ටිරාන්

Next Post

ඇමැතිනි පවිත්‍රා වැඩ අරඹයි

editor

editor

Next Post

ඇමැතිනි පවිත්‍රා වැඩ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved