27 April 2024
#දේශීය

ඇමැතිනි පවිත්‍රා වැඩ අරඹයි

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (25) සිය ධූරයේ වැඩ ආරම්භ කලේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය නිලධාරින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා මෙන්ම මිනිසුන් මුහුණ දෙන ගැටළුවලටත් විසදුම් ලබාදිය යුතු බවයි. මෙරටට විශාල ලෙස ආදායම් ලබාගත හැකි අමාත්‍යාංශයක් ලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පෙන්වා දිය හැකි බව ද පැවැසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සි.එම් හේරත් මහත්මිය ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරන් මෙන්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *