• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

තායි සහ ඉරාන දූත පිරිසක් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

31 January 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලය සහ ඉරාන තානාපති කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් පසුගියදා කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා අධ්‍යයනය කිරීමේ අරමුණෙන් සාකච්ඡා වට කිහිපයක සහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති අක්‍රම් සරූෆ්, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලයේ හිටපු සභාපති රිසාන් නසීර් සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික හා තානාපති අංශ ප්‍රධානී කේ. සොහේල් යන මහත්වරුන් මෙම දූත පිරිස් වල ප්‍රධානීන් ලෙස කටයුතු කළහ.

CHEC Port City Colombo (පුද්.) සමාගම වෙනුවෙන් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ, ආයෝජන ප්‍රවර්ධන කලාපීය ප්‍රධානී (ඉන්දු චීන අර්ධද්වීපය) ආචාර්ය සරයුත් ලෙක්ප්ලිපොල්, ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි විධායක අධ්‍යක්ෂ ශාලක විජයරත්න සහ ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි අධ්‍යක්ෂිකා රදිකා ඔබේසේකර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු වල වර්තමාන තත්වය නිරීක්ෂණය කළ දූත පිරිස, ව්‍යාපෘතියේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ආයෝජන උපාය මාර්ග සම්බන්ධව සාකච්ඡා කළහ. වාණිජ්‍ය සහ නොයෙකුත් නවමු වූ අවස්ථා රාශියක් සමගින්, හෙක්ටයාර 269 ක් පුරා ගොඩනැගෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙම කලාපයේ නව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇති අතර, එය නව රැකියා සහ විදේශ ආයෝජන අවස්ථා මෙන්ම විදේශ විනිමය ඉපැයුම් අවස්ථා ඇතුළු ප්‍රතිලාභ රාශියක් මෙරටට ජනනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“මෙම දූත පිරිස පිළිගනිමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින අවස්ථාවන් ඔවුන්ට පෙන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුව ඉහළ යමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳවද විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා. කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය ලොව ප්‍රධාන පෙළේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපට විශ්වාසයි. එමෙන්ම 2023 වසරේ අප්‍රේල් මාසයේදී විවෘත වීමට නියමිත තීරුබදු රහිත සාප්පු සංකීර්ණය මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වේවි.” CHEC Port City Colombo (පුද්.) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ජාත්‍යන්තර තලයේ නගරයක් මෙන්ම දකුණු ආසියාවට මුවදොර වන කොළඹ වරාය නගරයේ ඉදිවන තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, දකුණු ආසියාවේ එම වර්ගයේ ප්‍රථම සාප්පු සංකීර්ණය ලෙස සැලකේ. 2023 වසරේ දෙවැනි අර්ධයේදී විවෘත වීමට නියමිත එය පාරිභෝගිකයන් සහ සංචාරකයන් විශාල වශයෙන් ආකර්ෂණය වන ස්ථානයක් බවට පත්වනු ඇත.

පිටපත – PR

Post Views: 8
Previous Post

යාවත්කාලීන තාක්ෂණය මඟින් කාර්මික ප්‍රවර්ධනය කල යුතුයි – කර්මාන්ත ඇමති

Next Post

යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි – ඇමැති අමරවීර

editor

editor

Next Post

යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරයි - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
අදත් මහ වැස්ස

අදත් වැස්ස

18 June 2025
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved