• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් සකස් කරන්නැයි පැෆ්රල් රෝහණ ජනපතිට ලියයි

3 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් හා සාධාරණ මැතතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් ඇති කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවත් ඡන්ද අයිතියට බාධාකිරීම හෝ පැහැරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිදු නායකයෙකු නොකල යුතු දෙයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ ආණ්ඩුව පාර්ශවයෙන් සිදුකරනු ලබන ප්‍රකාශ හරහා මැතිවරණ ක්‍රියාවලියට යම් බාධාකාරී තත්ත්වයක් උදාවීමේ අවධානමක් මතුව ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ගරු ජනාධිපති, 2023-02-03
රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඇති බාධක ඉවත් කිරීම හා ඡන්ද විමසීම පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම

මෑත ඉතිහාසය තුළ පැවති මැතිවරණ අතුරින් දේශපාලන පක්ෂා හා ජනතාව තුළ වැඩිම අවිනිශ්චිතාවයක් ඇතිකළ මැතිවරණය මෙම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමයි.

එයට රට තුළ ඇති ආර්ථික අර්බුදයත් ආණ්ඩුව ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග හා ආණ්ඩුව පාර්ශවයෙන් වරින් වර කරන ලද ප්‍රකාශ හේතුවූ බව නොරහසකි.

මේ වන විට නැවත වරක් ආණ්ඩුව පාර්ශවයෙන් සිදුකරනු ලබන ප්‍රකාශ හරහා මැතිවරණ ක්‍රියාවලියට යම් බාධාකාරී තත්ත්වයක් උදාවීමේ අවධානමක් මතුව ඇත. ඒ රාජ්‍ය ආයතනවලට ණය පදනමින් වැඩ නොකරන ලෙස ඔබතුමා උපදෙස් ලබාදී තිබීමයි. එමෙන්ම යම් හෙයකින් එවැනි ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් රාජ්‍ය නිලධාරීන් එයට පුද්ගලික වගකිව යුතු බව ප්‍රකාශ කිරීම හරහා රාජ්‍ය ආයතන මැතිවරණයකදී සාමාන්‍යයෙන් කරගෙන යනු ලබන වියදම් ප්‍රතිපූර්ණ ක්‍රියාවලියට බාධා මතුවිය හැක.

එබැවින් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ආර්ථික ගැටලුව මත රාජ්‍ය ආයතනවලට නිකුත් කරනු ලබන එවැනි නියෝග ඡන්ද විමසීම අවසන් වන තෙක් මැතිවරණ ක්‍රියාවලියට අදාල නොවන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉදිරියේදී මීට අදාළව නිකුත් කරනු ලබන චක්‍රලේඛ මගින් මෙම කරුණු පැහැදිලිව ඇතුළත් කරන ලෙසත්ය.

රට තුළ බරපතල ආර්ථික ගැටලුවක් ඇති බව අපද පිළිගන්නා නමුදු ඒ හේතුකොටගෙන ජනතාවගේ ඡන්ද අයිතියට බාධාකිරීම හෝ පැහැරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිදු නායකයෙකු නොකල යුතු ක්‍රියාවලියකි. ඔබවැනි නායකයෙකු එසේ ක්‍රියා නොකරනු ඇතැයි අප විශ්වාස කරමු.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන (ඇ) ව්‍යවස්ථාව අනුව නිදහස් හා සාධාරණ මැතතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් ඇති කිරීම හා තහවුරු කිරීම ජනාධිපතිවරයා ලෙස ඔබතුමාගේ වගකීමකි. එබැවින් එසේ කිරීම හරහා ඔබතුමාට දේශීයව හා ජාත්‍යන්තරය තුළ විශ්වාසය ගොඩනගාගැනීමට හේතුවක් වන අතර එකී විශ්වාසය ආර්ථික අර්බුදය විසඳීමටද පහසුවක් වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Post Views: 4
Previous Post

හිටපු කථානායක කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

75 වන ජාතික නිදහස් සැමරුම අදයි

editor

editor

Next Post

75 වන ජාතික නිදහස් සැමරුම අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved