• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 08 වනදා විවෘත කිරීමට සියල්ල සූදානම්

6 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් හෙට (08) දින විවෘත කිරීමට නියමිතයි.

සභාවාරය එදින උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

2023.02.08 වැනි දින පෙ.ව 09.15 වන විට ආරාධිත අමුත්තන් හට අසුන් ගන්නා ලෙස දන්වා ඇති බවත් ඒ මහතා පැවසීය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා සහ එම මැතිණියගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එම ආර්යාවගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහිදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගැනීමට නියමිතය.
ඉන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීමට නියමිතය.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව 9.55 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ. සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් “ගරු ජනාධිපතිතුමා” යනුවෙන් හඩනගා නිවේදනය කරන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායනුකූලව සිදුවේ.

සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, 09 වනදා පෙ.ව 9.30 දක්වා සභාව කල් තැබීමට නියමිතය. ඉන් පසු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Post Views: 3
Previous Post

75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්

Next Post

විදේශිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරටට ජීවිත ආරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

editor

editor

Next Post

විදේශිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරටට ජීවිත ආරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved