• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ආර්ථිකය තවදුරටත් හැකිලෙනවා – මන්ත්‍රී ගාමිණි

9 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අර්බුදයට ලක්ව ඇති මෙරට ආර්ථිකය, තවදුරටත් හැකිළෙන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බදු වෘත්තිකයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(09) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වලේබොඩ මහතා මෙසේ අදහස් පල කළේය “ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක් නොවෙයි, බදු වෘත්තිකයකු ලෙස අපි දකින දේ තමයි මේ බදු පැනවීම තුළ රටේ සමස්ත ආර්ථිකය විනාශ මුඛයට යනවා, කියන එක. මුදල් අමාත්‍යාංශය සහ බදු පැනවීම් කරන නිලධාරීන් අනුගමනය කරමින් සිටින බදු ප්‍රතිපත්තිය වැරදියි. වෘත්තිකයන්ට පනවා ඇති බදු සංශෝධනය කර ගැනීම සඳහා ඔවුන් සිදු කළ උද්ඝෝෂණයේ තරම අපි ඊයේ දැක්කා. ඒ සමඟම මුදල් අමාත්‍යාංශය ඊයේ දහවල් වන විට උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කරලා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒකෙන් කාටද සහන ලබාදී ඇත්තේ? වැටුපට අය වන බද්දට සහන දෙනවා වෙනුවට, නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත වැටුපෙන් අය කරපු, උපයන විට ගෙවීමේ බද්ද තමයි අඩු කර ඇත්තේ. මිලියන ගණනක වාර්ෂික වටිනාකමක් සහිත නිල නිවාස, වාහන, කාර්යාල ආදී මේ මූල්‍ය නොවන පහසුකම් රජයෙන් කාටද ලබාදී ඇත්තේ? කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ටයි. ඒ අනුව පෙනෙන්නේ මේ ඊයේ සිදු කළ උපයන විට ගෙවීමේ බදු සංශෝධන මගින් ඉහත කී සුළු පිරිසට පමණක් සහන ලැබෙන බවයි. උපයන විට ගෙවීමේ බදු සංශෝධනය කළා කීවාට එමගින් වෘත්තිකයන්ට හෝ සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. එය රැවටිල්ලක් පමණයි. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා, යළි සමාලෝචනය කරලා මේ සම්බන්ධව නිවැරදි සංශෝධන කරන්න, කියා. මෙවර අයවැයෙන් පැනවූ, 2023 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වන බදු මගින් අපේක්ෂිත ආදායම ලබා ගැනීමට බැරි බව ද අප පෙන්වා දිය යුතුව තිබෙනවා. නිදසුනක් ලෙස බලන්න, 2023 ජනවාරි පළමුවැනිදා සිට සුරා හා දුම්කොළ මත පනවන බද්ද සියයට 20කින් වැඩි කළා. එමගින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 190ක්. නමුත් මේ බද්ද සියයට 20කින් වැඩි කළාම ලබාගත හැකි ආදායම රුපියල් බිලියන 90 – 100ත් අතර මුදලක්. එවිට එමගින් පමණක් රජයට මේ වසරේ අහිමි වන ආදායම රුපියල් බිලියන අනූවක් පමණ වෙනවා. සමස්තයක් ලෙස මෙහෙම වුණාම සමෘද්ධි දීමනා, විශ්‍රාම වැටුප්, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා මුදල් යොදවන්නේ කොහොමද? ඒවා කපා හරින එක තමයි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය හැක්කේ. මේ හේතුවෙන් සාර්ව ආර්ථිකයම විනාශ මුඛයට යනවා. සමාහාර අලාභය, කියන්නේ ‘බදු පැනවීම නිසා පරිභෝජනය අඩු වෙනවා; පරිභෝජනය අඩු වීම නිසා නිෂ්පාදනය අඩු වෙනවා; නිෂ්පාදනය අඩුවීම නිසා අලෙවිය අඩු වෙනවා; අලෙවිය අඩු වෙනවා කියන්නේ ව්‍යාපාරවල ආදායම අඩු වෙනවා; අවසානයේදී ව්‍යාපාරවල ආදායම අඩු වීමෙන් ව්‍යාපාර පාඩු ලබනවා.’ කියන එක. ව්‍යාපාර පාඩු ලබන විට ඒවාට බදු ගෙවීමට විදිහක් නැතිවෙනවා. ඒ වගේම අලෙවිය මත, නිෂ්පාදනය මත, පරිභෝජනය මත එකතු කර ගැනීමට යන බදු ප්‍රමාණය ද අඩු වෙනවා. ඒ අනුව රටේ සමස්ත ආර්ථිකයම හැකිළෙනවා. මේක තේරුම් ගන්න බැරි, කැබිනට් මණ්ඩලයක්, මුදල් රාජ්‍ය ඇමතිවරුන්, ආර්ථික උපදේශකවරුන් – විශේෂඥයන් පිරිසක් තමයි අද රට මෙහෙයවන්නෙ. මේ වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රට කබලෙන් ලිපට ඇද වැටෙන බව පැහැදිලියි. දැන් බලන්න, ‘ගල් අඟුරු හිඟයක් ඇවිත් තිබෙනවා. තව ටික දවසටයි ගල් අඟුරු තිබෙන්නේ.’ කියා ගල් අඟුරු සමාගම කියනවා. හැබැයි ගල් අඟුරු ටික ගෙනල්ලා නැව් නවත්වාගෙන ඉන්නවා. එවිට විදුලිබල මණ්ඩලය කියනවා, ‘අප සතුව ඒවාට ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට සරිලන රුපියල් ප්‍රමාණය නැහැ.’ කියා. මේ උත්සාහ කරන්නේ මහජන උපයෝගීතා කොමිසම සහ අධිකරණය හරහා ඉටු කරගන්න බැරි වුණු විදුලි බිල වැඩි කීරීම සිදු කර ගන්නයි. දැන් මේ නවත්වාගෙන ඉන්න ගල් අඟුරු නැව්වලට හානිපූරක දීමනා, දඩ ගෙවීමට සිදු වෙනවා. මේ හානිපූරක දීමනා, දඩ මුදල් කාගේ සාක්කුවට ද යන්නේ? කියන ප්‍රශ්නය ද මේ සමග එනවා. නමුත් අවසානයේ ගල් අඟුරු නැව්වලට ගෙවන හානිපූරක දීමනා, දඩ යන සියල්ල අය කරගන්නේ විදුලි පාරිභෝගිකයාගෙනුයි. ඒ වගේම විදුලි බිල වැඩි කරලා ඒකත් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගන්නවා. රටට රාජ්‍ය ආදායම ලබාදෙන ප්‍රධානම ආයතන තුන තමයි, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ. ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන කථාව හෙවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා, මේ දෙපාර්තමේන්තු තුනම එකතු කරලා එක් ආදායම් අධිකාරියක් යටතට ඒවා ගෙන එන බව. අපි රටේ ජනතාවට පෙන්වා දෙන්න කැමතියි, මෙමගින් වෙන්නේ බදු අනුපාත වැඩි කරලා, යළිත් වටයකින් සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවීම, කියලා. මේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන කෝකටත් තෛලය. මේ රටේ මේ බදු ප්‍රතිපත්තිය නිසා දුෂ්කරතාවලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට හා වෘත්තිකයන්ට අපි කියනවා, ‘ඔබලා මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටින්න’ කියා. දැන් බලන්න 2021දී මේ රටේ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටියේ 13%ක් පමණයි. එය 2022 වසර අවසන් වනවිට 26% දක්වා වැඩිවෙලා. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවය කරපු මධ්‍ය පන්තියේ පිරිස තමයි මෙතැනට ඇද වැටුණේ. 2022 වසර තුළ මේ ආණ්ඩුව මේ රටේ දුප්පතුන් හිඟන්නන් බවට පත් කරලා, මධ්‍යම පංතිය දුප්පතුන් බවට පත් කරලා තිබෙනවා. මේ බදු ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළාම මධ්‍යම පන්තියේ ඉහළ පිරිසකුත් දුප්පතුන් බවට පත්වේවි. හැබැයි මේ විදිහට එකතු කරගන්නා බදු මුදල්වලින් දූෂණය ඉහවහා ගිය, අකාර්යක්ෂම, ඵලදායී නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව තවමත් සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා.”යැයි මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

මේ වැලන්ටයින් මාසයේ Dialog Television වෙතින් සුපිරි නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක් !

Next Post

රට වෙනස් කරන්න ජනතාව එකතු වෙලා තීරණය කල යුතුයි – ජාතික ජන බලවේගයේ නායක අනුර

editor

editor

Next Post

රට වෙනස් කරන්න ජනතාව එකතු වෙලා තීරණය කල යුතුයි - ජාතික ජන බලවේගයේ නායක අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved