• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයට කලින් වහාම මහජනතාව ආර්ථිකයෙන් පීඩාවලින් මුදවන්න – මවුබිම ලංකා සංවිධානය

15 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට මැතිවරණ කැඳවන්න නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ, වහාම මහජනතාව ආර්ථිකයෙන් පීඩා විඳින මූලික අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දීම, සෞඛ්‍යා හා කෘෂිකර්මාන්තය යන දෙකට ඒ මූලිඛ ප්‍රමුඛත්වය දුන්නොත් මේ රටේ මිනිස්සු කොහොම හරි මේ ආර්ථික අමාරු කාලේ තියෙන දෙයින් ගැටගහන ජීවත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා යැයි පුරවැසි මවුබිම ලංකා සංවිධානයේ ජාතික කැඳවුම්කරු අජිත් කළුආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පුරවැසි මවුබිම ලංකා සංවිධානය අනුරාධපුරයේදී අද (15) කැඳවු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අද දිනයේ විශේෂයෙන්ම පුරවැසි ලංකා මවුබිම සංවිධානය මෙම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්න තීරණය කලේ, අපිට තේරෙනවා මැතිවරණ කල් දැමීමේ න්‍යාය පත්‍රය රජය විසින් දිග හරිමින් ඉන්න බව,හැබැයි මේ රටේ ජනතාව කිසිසේත්ම මැතිවරණයක් ඉල්ලුවේ නෑ, මේ රටේ දේශපාලන පක්ෂ තමයි මැතිවරණයක් ඉල්ලුවේ.පාර්ලිමේන්තුවේ ඉන්නවා 225 ක්, පළාත් සභා වල 450 යි, ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 8 500 වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඇත්තටම මේක විශාල වැය බරක්. ජනතාව මැතිවරණයක් ඉල්ලා කිසිසේත්ම හඬ නැගුවේ නැහැ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තමයි මැතිවරණයක් ඉල්ලා හඬ නැගුවේ. හැබැයි මේ අටදහස් පන්සිය පුලුවන්නම් අඩුම ගානේ දෙදහස් පන්සියයටවත් අඩු කරගන්න.මේ රට ආර්ථික වශයෙන් මේ වෙලා තියෙන පීඩාකාරී අවස්ථාවේ ඒක රටට විශාල සහනයක් ලෙස අපි ඉල්ලා සිටින පුරවැසියා ලංකා සංවිධානය මේ රටට ආදරේ කරන මිනිස්සු විදිහට කරුණාකරලා නව සංශෝධිත පළාත් පාලන පනත ගේන්න මේ අටදාස් පන්සිය අඩුම ගානේ තුන් හාරදාහටවත් බස්සවන්න. එහෙම නැත්නම් දිගින් දිගටම මේක රටට විශාල ආර්ථික බරක් බවට පත්වෙයි. මේ වෙනකොට ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ඉන්නවා නම් අපි ආණ්ඩුවට කියනවා මෙහෙම දෙයක් මොකද්ද මේ රටේ අහිංසක මිනිස්සු මේ වෙනකොට සෞඛ්‍ය තත්වය හීන වෙලා ඒගොල්ලෝ මියයන තත්වයට පත් වෙලා තියෙන්නේ. රෝහල් වල බෙහෙත් මොනවත් නෑ . එහෙම නම් ආණ්ඩුව මැතිවරණ කල් දාලා ඉතුරු කර ගන්න සල්ලි මේ රටේ ජනතාව ජීවත් කරවන්න යොදවන්න. වහාම යොදවන්න, මැතිවරණ ඉල්ලන්නේ නෑ. මැතිවරණ එපා. මැතිවරණ සිතියම අකුලන්න, ඒ කරලා මේ රට යථාවත් වුණාට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව සූදානම් වෙන්න. ඒ විතරක් නෙමේ දැන් ගොවියා අන්ත අසරණ බවට පත් වෙලා ඉන්නවා, අද වී කිලෝ 1 රුපියල් 60- 65 කුඹුරු අක්කරයක් වැඩකරන්න ලක්ෂ 2 කට වැඩි වියදමක් යනවා. අද ගොවියාගේ වී ටික දීලා තමන්ගේ දරුවට කන්න දෙන්න ගෙදර වී ටිකක් තියාගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. ආණ්ඩුව ජනතාවට සහන සලසනවා කියලා කියනවා නම් මැතිවරණ පැවැත්වීම හකුළා ගන්න උත්සාහ කරනවා නම් ඒ සහනය විශේෂයෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මනින් රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ටික ආණ්ඩුව එවන්න ලෑස්ති කරන්න. ඒ වගේම ගොවියාගේ වී කිලෝ එක අඩුම රුපියල් එකසිය පනහටවත් ගන්න ක්‍රමවේදයක් හදන්න. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. දරුවා පාසල් යවාගන්න විදිහක් නෑ.දරුවාට අවශ්‍යය පොත්-පත් ටික අරන් දෙන්න විදියක් නෑ. ඒ වගේම දරුවන්ට අවශ්‍යය වෙනත් දේවල් වන ඇදුමක් අරන් දෙන්න විදියක් නැති තත්වයට අද මේ රට පත්වෙලා තියෙනවා.ඒ නිසා අපි කරුණාවෙන් කියනවා, ආණ්ඩුවට මැතිවරණ කල් දානවා නම් කරුණාකරලා තමුන්නාන්සේලා සෞඛ්‍ය අංශ ශක්තිමත් කරන්න, මේ රටේ මිනිස්සු මැරි මැරී වැටෙමින් ඉන්නවා, බෙහෙත් නැතුව අර පැත්තෙන් ගොවියා බඩගින්නේ මියයන තත්වයට පත් වෙනවා.වී කිලෝ 1 රුපියල් 65, වී කිලෝ 1 රුපියල් 150 ගන්න. මැතිවරණ කල් දාන්න 8,500, 3000ට බස්සන්න නැත්නම් 2000ට බස්සන්න, අපි නම් කැමති ඒක පන්සීයට බස්ස ගන්න පුලුවන් නම්, ඔච්චරම පළාත් පාලන මන්ත්‍රීලා මොන තීරණ ගන්නද? ජාතික මට්ටමේ තීරණ ගන්නද ? කරුණාකරලා නව පනත ගෙනල්ලා මැතිවරණයනය තියන්න කියන ඉල්ලීම පුරවැසි මවුබිම ලංකා සංවිධානය මුළු රටටම කියන්න අපි කැමතියි.


අපි පැහැදිලිවම කියන්නේ කාළය ගත්තාට කමක් නෑ, නව පනතක් ගෙනල්ලා මේ වෙනකොට හිටපු මැතිවරණ කොමසාරිස්තුමා පත්කරලා ඉන්නවානේ කොට්ඨාස නිර්ණය කිරීම සඳහා එතකොට අපි ඉතාම කැමති මේ රටේ ජනතාව කැමතියි. මං අහන්නෙ ජාතික මට්ටමේ තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන්, පළාත් සභාවට ගන්නත් බෑ, පළාත් පාලන ආයතන වලට ගන්නත් බෑ, ඒක පනතකින් තමා සම්මත කරලා තියෙන්නේ, පනතේ නීතියක් විදිහට ඒක ක්‍රියාත්මක කරන්න, එවැනි ආයතන වලට ඇයි මෙච්චර වැය බරක් දාගෙන, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පත් කර ගන්නේ, කවුරු කරත් මේක මහ කාලකණ්නි වැඩක්.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කියන එක දැන් ගමේ ගනන් ගන්නේ නෑ, මොකද පඳුරකට පයින් ගැහුවොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දහයක් -පහළොවක් විසි වෙනවා ගමක් ඇතුලේ. එහෙම උනාම මන්ත්‍රීවරයාට තියෙන නිසි ගෞරවය නැති වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ යම් තීරණ පොඩ්ඩක් ගන්න සභාවක් රැස්වෙන්න විතරයි. අටදහස් පන්සීයක් කිව්වාම මේ අදහස් පන්සියට ගෙවන වැටුප් ප්‍රමාණය කොතෙක්ද කියලා හිතන්න. ඒගොල්ලන් දෙන වෙනත් දීමනා කොතෙක්ද කියලා බලන්න, ඒ වගේ මේක නඩත්තු කරන්න යන වියදම් කොතෙක්ද කියලා බලන්න.රටට විශාල වැය බරක්, ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච රටක.පළාත් පාලන මන්ත්‍රීවරු 8500 ක් , කරුණාකරලා රටේ ජාතික කතිකාවතක් ඇති වෙන්න ඔ්න, මේ සංඛ්යාව රටට බරක්, බර විතරක් නෙවෙයි.ආර්ථිකයට බරපතළ පීඩනයක් , ඒ හින්ද මේ සංඛ්‍යාව අඩුකළ යුතුමයි.අපි ආණ්ඩුවට යෝජනා කරනවා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා, කරුණාකරලා නව කොට්ඨාස සංශෝධන පනත ගෙනල්ලා ඒ පනත යටතේ මැතිවරණ ආපහු ආපහු කැඳවන්න කැඳවලා මැතිවරණ තියන්න. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු මීට වැඩි තීන්දු දෙයි කියලා .අපට විශ්වාසයක් තියෙනවා.

මේ වෙනකොට ආණ්ඩුව කියනවා බෙහෙත් ටිකක් අරන් දෙන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම්, විදුලිය අඛණ්ඩව දෙන්න, ගල්අඟුරු ටික ගන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම්, රාජ්ය සේවක වැටුප් ගෙවා ගන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම්, ජනතා සහන දෙන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම්.වී ටික මිලදී ගන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම් මැරි මැරී වැටෙන අහිංසක රෝගියාගේ ජීවිතය ජීවත් කරවන්න ආණ්ඩුවේ සල්ලි නැත්නම් ,මේ වෙලාවේ මැතිවරණයක් තියන්නද ආණ්ඩුව දඟලන්න ඔ්න, දේශපාලන පක්ෂත් මේක තේරුම් ගන්න ඔ්න, මේ දේශපාලන පක්ෂ හැම දේශපාලන පක්ෂ නෙමේ අපිට පේනවා මේ බලය පිළිබඳව ලොකු ලෝභ කමක් ඇතිවෙලා , පෙරේතකමක් ඇතිවෙලා රටපුරා යන දේශපාලන කල්ලි කිහිපයක් ඉන්නවා.ඒ ගොල්ලන්ට රට ගැන හැගීමක් නෑ. ඒ ගොල්ලන්ට ආර්ථිකය න්‍යායකුත් නෑ. අපි දන්නවා ඒ අයට ජාත්‍යන්තර හෝ ජාතික ආර්ථික දැක්මකුත් නෑ. හැබැයි මේගොල්ලො යන්නේ මේ වෙනත් පාරක , එහෙම ගියොත් රට මීට වැඩි බංකොලොත් භාවයකට පත් වෙයි කියලා සැකයක් තියෙනවා.ඒ නිසා අපි මේ හඬනගා කියන්නේ ආණ්ඩුවට මැතිවරණ කැඳවන්න නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ, වහාම මහජනතාව ආර්ථිකයෙන් පීඩා විඳින මූලික අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දීම, සෞඛ්‍යා හා කෘෂිකර්මාන්තය යන දෙකට ඒ මූලිඛ ප්‍රමුඛත්වය දුන්නොත් මේ රටේ මිනිස්සු කොහොම හරි මේ ආර්ථික අමාරු කාලේ තියෙන දෙයින් ගැටගහන ජීවත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා යැයි අජිත් කළුආරච්චි මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් මහනුවර දී ජනරජ පෙරහරක්

Next Post

මාතලේ – ඉඹුලන්දණ්ඩ මාර්ගයට ඉන්දියාවේ බස් රථයක්

editor

editor

Next Post

මාතලේ - ඉඹුලන්දණ්ඩ මාර්ගයට ඉන්දියාවේ බස් රථයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved