ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත් නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්යක්ෂ Shiely Raisin Sason, දූත මණ්ඩල සාමාජික Zindani Mary, Yaccow Kabilau, Margarita Gaorodnitsky ඇතුළු ඊශ්‍රායල නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම වසරේදී පමණක් සාත්තු සේවිකාවන් දෙදහසක් බදවා ගැනීමට මෙලෙස එකගතාවය පළ කළේය.