27 April 2024
#දේශීය

පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇති සිද්ධියට අදාළ කඩිනම් පරික්ෂණයක් – ඇමැති කෙහෙලිය

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත ඊයේ (16) උපදෙස් ලබා දුන්නේය.

එහි පරීක්ෂණ වාර්තාව අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීත්‍යානුකූල හා විනායානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් යළි එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දුන්නේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *