කොළඹ නගරයේ පවතින නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එහි නිළධාරීන්ට උපදෙස් දුන්නේ කොළඹ නිවාස ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද කාලිංග මාවත – කොලොම්තොට සරසවි උයන, බොරැල්ල සිරිසර උයන හා මෙත්සර උයන, දෙමටගොඩ මිහිදු සෙන්පුර හා සියපත් සෙවණ, මාලිගාවත්ත ලක්හිරු සෙවණ, සියසෙත සෙවණ හා ලක්සෙත සෙවණ, බ්ලූමැන්ඩල් සිරිමුතු උයන හා සිරිසද උයන, හේනමුල්ල රන්මිතු සෙවණ, හෙළමුතු සෙවණ, සත්හිරු සෙවණ, රන්දිය උයන, මෙත්සද සෙවණ හා මිහිජය සෙවණ, ෆර්ගියුෂන් පාර මුවදොර උයන, ඔරුගොඩවත්ත පුරදොර සෙවණ, කොලොන්නාව සංහිද සෙවණ හා ලක්සද සෙවණ යන නිවාස ව්‍යාපෘති සභාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදි මෙම නිවාස ව්‍යාපෘතිවල පවතින ගැටළු කිහිපයක් හදුනා ගැනීමට හැකි විය. මහල් නිවාස ව්‍යාපෘතිවල පවතින මලාපවාහන පද්ධති වැඩි දියුණු කිරීමට ද අවධානය යොමු විය. ඇතැම් නිවාස ව්‍යාපෘති වල විවිධ අක්‍රමිකතා සිදුවන බවත්, අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් නිවැසියන් විසින් සභාපතිවරයා දැනුවත් කෙරිණ. ඒ අනුව පවතින අඩුපාඩු සහ ගැටළුවලට මාසයක් ඇතුළත විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එහි නිළධාරීන්ට දැනුම් දුන්නේය.