• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

“The Coconut Tree” ආපනශාලා ජාලය ශ්‍රී ලංකාවට පැමිණේ

1 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය.

සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවටද එය හඳුන්වා දීමට The Coconut Tree කළමනාකාරීත්වය තීරණය කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ ආහාරපාන කර්මාන්තයට මෙන්ම එහි නියුතු පුද්ගලයන්ටද අතිශයින් වැදගත් පුවතක් වනු ඇත. “The Coconut Tree” මෙරට දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති අතර, එම අවස්තාව සදහා එම අයතනයේ නිර්මාතෘවරුන් සහ සත්කාරකක සේවා ක්ෂේස්ත්‍රයේ නියෝජිතයන, සම්භාවනීය ආරාධිතයන මෙන්ම ආයෝජකයන් සහ මෙරට ආහාරපාන කර්මාන්තයේ ප්‍රවීණන් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

“ආශාවක සහ විනෝදාංශයක ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍රය සහ බ්‍රිතාන්‍යයේ පබ් සම්ප්‍රදාය එක්කරමින් ආරම්භ කළ මේ ව්‍යාපාරය මේ වනවිට ජාත්‍යන්තර තලයේ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, එක්තරා ආකාරයට උපන් බිම වෙත නැවත පැමිණීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපේ දැනුමින් සහ සාර්ථකත්වයෙන් ප්‍රයෝජන ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීමට අපට අවශ්‍යයි. මේ සඳහා Ma’s Kitchen වැනි ශ්‍රී ලාංකික සන්නාමයන් මෙන්ම කුඩා පරිමාණ දේශීය කුළුබඩු සහ වෙනත් සැපයුම්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ඔවුන්ට සෘජුවම එක්සත් රාජධානිය සමග සම්බන්ධ වීමටත්, අපනයනය තුළින් ආදායමක් ලබාගැනීමටත් ලැබෙන අගනා අවස්ථාවක්. බ්‍රිතාන්‍යයේ සූපශාස්ත්‍රයෙන් පන්නරය ලැබූ අව්‍යාජ ශ්‍රී ලාංකික ආහාරපාන, ශ්‍රී ලංකාවෙන් ආභාෂය ලැබූ කොක්ටේල් වර්ග සහ බ්‍රිතාන්‍යයේ පබ් සම්ප්‍රදාය මැනැවින් මුසුකළ අපගේ සුප්‍රකට “Coconut Tree” අත්දැකීම මෙරට පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට හැකි වීම සතුටක්. අපත් සමග දියුණුවෙන් දියුණුව කරා යාමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම අපගේ ඉලක්කයයි.” The Coconut Tree ප්‍රධාන මූල්‍ය නිලධාරී මිත්‍ර ප්‍රනාන්දු මහතා පැවසී ය. The Coconut Tree යනු 300 කට අධික පිරිසක් සේවය කරන, පවුම් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපාරයකි. මෙම ශක්තියෙන් පන්නරය ලබමින්, දේශීය හා විදේශීය ආහාරපාන ලෝලීන්ට විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමට තමන්ට හැකිවනු ඇති බව The Coconut Tree නිර්මාතෘවරු විශ්වාස කරති. බලයලත් ව්‍යාපාර නියෝජිත ක්‍රමයකට මෙය මෙරට තුළ ස්ථාපිත කෙරෙන අතර, The Coconut Tree සමග එක්වෙමින් එහි ගෝලීය ව්‍යාප්තිය සමග අත්වැල් බැඳගැනීමට උනන්දුවක් දක්වන ආයෝජකයන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිට පියවර ගනිමින් සිටී. The Coconut Tree මේ වනවිට සම්මාන සහ ඇගයුම් රැසකින්ද පිදුම් ලබා ඇත.

“එය තාරුණ්‍යයෙන් සපිරියි. අව්‍යාජයි. අනර්ඝයි. ජවසම්පන්නයි. අතිශයින් රසවත්. එමෙන්ම අදහාගත නොහැකි තරමට සාධාරණ මිලගණන් සහිතයි”. OX Magazine The Coconut Tree පිළිබඳව එසේ පවසා තිබිණි. 2022 වසරේ Bath Life Awards and Cardiff Life Awards යන සම්මාන උළෙල දෙකේදීම අවසන් වටයට පැමිණීමට එය සමත් වූ අතර, 2021 සහ 2022 වසරවලදී Bristol, Bath & Somerset Tourism Awards හිදී Best Casual Dining කාණ්ඩයේ රිදී සම්මානය දිනාගැනීමට සමත් විය. Silverstone හි පැවති British Grand Prix තරගාවලියේදී සහ 2021 Henley Royal Regatta හිදී The Coconut Tree හි VIP ආහාරපාන සැපයුම් සේවාව විශේෂ කතාබහකට ලක්විය. එමෙන්ම 2020 So Glos Awards හිදී විශිෂ්ටතම ආපනශාලාව සම්මානය දිනාගත් The Coconut Tree, 2020 සහ 2021 වසර වලදී Bristol Life Awards හිදී විශිෂ්ටතම ආපනශාලාව සම්මානය දිනාගැනීම සමත් විය. 2020 The Vegetarian & Vegan Awards හිදී V-Friendly Restaurant of the Year කාණ්ඩයේ අවසන් වටයට පැමිණීමටත්, එම වසරේ Ox in a Box Awards හිදී Best Veggie/Vegan Restaurant කාණ්ඩයේ අවසන් වටයට පැමිණීමටත් The Coconut Tree ආපනශාලා ජාලයට හැකියාව ලැබිණි.
එමෙන්ම 2020 Cardiff Life Awards හිදී Best New Business සම්මානය දිනාගැනීමටත්, එම වසරේ Restaurant Magazine R200 Awards හිදී Best UK Operator කාණ්ඩයේ අවසන් වටයට පැමිණීමටත් The Coconut Tree සමත් විය. 2019 වසරේදී International Icon Awards සහ Bath & Bristol Crumbs Magazine Awards යන සම්මාන උළෙල දෙකේදීම අවසන් වටයට පැමිණි එය, Bristol Life Awards හිදී Best New Business ලෙසද නම්කරන ලදි. Oxford and Cheltenham හි පිහිටි ආපනශාලා වෙනුවෙන් 2018 වසරේදී OpenTable වෙතින් Diner’s Choice සම්මානය දිනාගත් The Coconut Tree, So Glos Lifestyle Awards හිදී Gloucestershire Restaurant of the Year සම්මානය දිනාගත්තේ ය. 2018 වසරේදී Cotswold Life Magazine වෙතින් පාරිභෝගික සේවා සම්මානය දිනාගත් The Coconut Tree, Cheltenham Business Awards හිදී Best Restaurant and Bar කාණ්ඩය ජයග්‍රහණය කළේ ය. මීට අමතරව, 2017 සහ 2018 වසර වලදී The Observer Food Monthly සම්මාන උළෙල වලදී Best Cheap Eats in the South West කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමටද The Coconut Tree සමත් විය.

පිටපත – PR

Post Views: 15
Previous Post

භුමිතෙල් මිල අඩු කරයි – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

පාලක පක්ෂයක් විදිහ ගත යුතු පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය හේරත් කියයි

editor

editor

Next Post

පාලක පක්ෂයක් විදිහ ගත යුතු පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය හේරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved