27 April 2024
#දේශීය

භුමිතෙල් මිල අඩු කරයි – ජනාධිපති මාධ්‍ය අංශය

භූමිතෙල් ලිටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත. භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් ​​රු. 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රු. 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *