අපේක්ෂා රෝහලට ඖෂධ සඳහා අවශ්‍ය අරමුදල් වැඩි දියුණු කිරීමේ අභිලාෂය සහිතව ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජය ලෙස පා ගමනක් සංවිධානය කර තිබේ.
එය එළඹෙන අප්‍රේල් 02වනදා මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර ඇවිදීමේ වටරවුමේ දී පැවැත් වේ. සෑම වටයකම දුර ප්‍රමාණය කිලෝමීටර 3 කි. එක් වටයක් සඳහා රුපියල් පන්දහසක ආධාර මුදලක් ලබා දී මේ පාගමන වෙත එක්වන ලෙස WALK TO SAVE LIVES පවසයි.
මෙම පා ගමන ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජය ලෙස නම් කර ඇති අතර එහි ප්‍රධාන නියමුවා වන්නේ 79 හැවිරිදි පී.පී. මයිකල් පෙරේරාය. ඔහු පාගමනේ ප්‍රමුඛයා වෙමින් වට දහයක් ඇවිදීමට අපේක්ෂා කරයි. මේ සද්කාර්යයෙන් එකතුවන සියලුම මුදල් විගණනයට ලක් කර ඖෂධ මිලදී ගැනීම සඳහා අපේක්ෂා රෝහල වෙත භාර දීමට සැලසුම් කර තිබේ. පා ගමනට එක් නොවී පරිත්‍යාග සැලසිය හැකිය. වැඩිදුර විස්තර 0777670700,0722442390 දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.