27 April 2024
#දේශීය

මාතලේ මහ රෝහලට ඖෂධ පරිත්‍යාගයක්

වර්තමානයේ රජයේ රෝහල් වල විශාල හිගයක් වී පවතින ශල්‍යකර්ම සිදු කිරිමෙදි ,නිර්වින්දනය කිරිමට අත්‍යාවශ්‍ය ඖෂධයක් වන PROPOFOL එන්නත් Vials 100ක් ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාතලේ ප්‍රාදේශීය සංඝ සභාව විසින් මාතලේ මහ රෝහලට පරිත්‍යාග කිරිම පසුගියදා සිදු කෙරුණි.

රුපියල් ලක්ෂයක වටිනාකමින් යුත් මෙම ඖෂධ තොගය පරිත්‍යාග කිරිමේ අවස්ථාවට ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ත ලේඛකාධිකාරි .මාතලේ සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමි.මාතලේ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි කළුන්දැවේ චන්දසිරි හිමි ඇතුලු මහා සංඝරත්න රෝහල් බලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *