• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Uber Eats සේවාවට ඊ-පැදි එක්කෙරේ

17 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 ක් එක්කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි නිෂ්පාදකයා වන ලුමාලා සමාගම ‘Voltage Edition’ නමින් ඩිලිවරි සේවාවන් සඳහා විශේෂයෙන් නිපදවා ඇති මෙම ඊ-පැදි, පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගමන් කරයි.

ශ්‍රී ලංකාවේ ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතා කිරීම ආරම්භ කළ ප්‍රථම සේවාවද Uber Eats වීම විශේෂත්වයකි.

ඊ-පැදි මගින් සාමාන්‍ය පාපැදිවලට වඩා විශාල දුරක් ආවරණය කළ හැකි අතර, ඒවා සාම්ප්‍රදායික යතුරුපැදි වලට වඩා නඩත්තු කිරීමද පහසු ය. පැය 4 ක් තුළ බැටරිය ආරෝපණය වන නිසා ප්‍රමාදයන් අවම වන අතර, ඉන්ධන පිරිවැයට සාපේක්ෂව වියදම්ද අවම වේ. මේ නිසා ඩිලිවරි සේවාවන්හි යෙදෙන්නන්ට වැඩි ඩිලිවරි වාර ගණනක් සම්පූර්ණ කරමින්, වැඩි ආදායමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි පියවර ඔස්සේ, 2040 වසර වන විට තම ප්‍රවාහන සේවාවන් සඳහා තිරසාර ක්‍රම පමණක් භාවිතා කිරීම Uber Eats හි බලාපොරොත්තුව වී ඇත.

මෙම ඊ-පැදි බෙදාදීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, Uber Eats සේවාවන්ට වඩාත්ම සක්‍රීය දායකත්වයක් දැක්වූ ඩිලිවරි සේවා හවුල්කරුවන් 100 දෙනෙකුට Uber Eats අනුග්‍රහයෙන් මෙම ඊ-පැදි ලබාදෙන ලදි. මේ සඳහා වැය වූ මුදල රු. මිලියන 42 කි. මෙම 100 දෙනා අතරින් 90 දෙනෙකුම මීට පෙර සාම්ප්‍රදායික පෙට්‍රල් යතුරුපැදි භාවිතා කළ අතර, 10 දෙනෙකු පමණක් පාපැදි භාවිතා කළහ. ඉදිරියේදී තම ඩිලිවරි සේවා හවුල්කරුවන්ට ලුමලා ඊ-පැදි මිලදී සඳහා 30% ක වට්ටමක් ලබාදීමටත්, අමතර කොටස් සඳහා 15% ක වට්ටමක් ලබාදීමටත් Uber Eats මේ වනවිට සැලසුම් කර තිබේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ විදුලිබල හා බලශක්ති ආමාත්‍ය කංචන විජේසේකර මහතා ඊ-පැදි බෙදාදීම සිදුකළ අතර, තිරසාරත්වය උදෙසා Uber Eats දක්වන කැපවීම අගය කළේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, Uber ආසියා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මහජන ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා) මයික් ඔර්ගිල්, සහ Uber Eats Sri Lanka සමාගමේ අන්තර්වාර සාමාන්‍යාධිකාරී පිවිතුරු කොඩිකාර යන මහත්ම මහත්මීහුද එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති ආමාත්‍ය කංචන විජේසේකර මහතා මෙසේ පැවසී ය. “මිනිසුන් ගමනාගමනයේ යෙදෙන ආකාරය සහ අන්තර්ජාලය හරහා ආහාර ඇණවුම් කරන ආකාරය වෙනස් කිරීම මගින්, තාක්‍ෂණය මූලික කරගත් සමාගම් සුසමාදර්ශී වෙනසක් ඇති කළා. දැන් ඔවුන් හරිත ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා අවධානය යොමුකළ යුතුයි. ඉන්ධන මත රඳා පැවතීම අවම කරගැනීමට මෙන්ම කාබන් විමෝචනය අවම කරගැනීමටත් අප පියවර ගත යුතු වනවා. හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ආයෝජනය කිරීම අද දවසේ අපගේ ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වන දෙයක්. ඊ-පැදි භාවිතයට යොමුවීමට Uber Eats ගත් තීරණය ප්‍රශංසනීයයි. ඔවුන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ඇතැයි කියා මා සිතනවා.”

පසුගිය වසරේ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවේදී පාපැදි භාවිතයෙන් ඩිලිවරි සේවාවන් ලබාදීමට Uber Eats පියවර ගත්තේ ය. මේ වනවිට Uber Eats සේවාවන් අතරින් 10% ක් පාපැදි භාවිතයෙන් සිදුකෙරේ. ඉදිරියේදී විදුලි යතුරුපැදි සහ විදුලි ස්කූටර්ද තම සේවාවන්ට එක්කිරීමට Uber Eats බලාපොරොත්තු වෙයි.

මෙම නව පියවර සම්බන්ධයෙන් Uber ආසියා පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මහජන ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා) මයික් ඔර්ගිල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් කැපවෙමින්, Uber Eats සේවාවේ හොඳම විසඳුම් මෙරටට හඳුන්වා දීම අපගේ අරමුණයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ඩිලිවරි සේවාවන් සඳහා පාපැදි භාවිතා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව, අප දැන් ඊ-පැදි භාවිතය ආරම්භ කර තිබෙනවා. 2040 වනවිට ගෝලීය මට්ටමින් තිරසාර ප්‍රවාහන ක්‍රම පමණක් භාවිතා කිරීම අපගේ අරමුණයි. මෙහි එක් පියවරක් වශයෙන් ළඟදීම විදුලි යතුරුපැදි සහ විදුලි ස්කූටර්ද Uber Eats සේවාවන්ට එක්කිරීමට අප බලාපොරොත්තු වනවා.”

විදුලි යතුරුපැදි සහ විදුලි ස්කූටර් සමග තරග කළ හැකි ආකාරයට Voltage ඊ-පැදි නිෂ්පාදනය කර ඇත. මේවා භාවිතා කිරීමේදී ඊ-පැදියක් ලෙස මෙන්ම පාපැදියක් ලෙසද භාවිතා කරන්නේ නම් එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට අධික දුරක් ධාවනය කළ හැකි අතර, සම්පූර්ණයෙන්ම බැටරියෙන් පමණක් ධාවනය කරන්නේ නම් කිලෝමීටර් 60 කට අධික දුරක් ධාවනය කළ හැකි වේ. පාපැදිකරුවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ඊ-පැදිවල දිවා කාලයේ දැල්වෙන පහන් (Day-time running lights), LED ප්‍රොජෙක්ටර් සහ LED පසුපස විදුලි පහන් යොදා ඇත. ඩිලිවරි බෑග් පහසුවෙන් ගෙන යා හැකි පරිදි සහ, ඒවා පහසුවෙන් සවිකිරීම හා ගැළවීම සිදුකළ හැකිවන පරිදි විශේෂ කොටසක්ද මෙම ඊ-පැදි වල පසුපස යොදා තිබේ. අභ්‍යන්තර දහන එන්ජිමක මෙන් ශබ්දයක්ද නොමැති නිසා මාර්ගයේ ශබ්ද දූෂණය අවම කිරීමටද මෙම ඊ-පැදි දායක වෙයි.

මීට පෙර Sling Mobility සමග එක් වී, තම සේවාවන් සඳහා විදුලි යතුරුපැදි භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට Uber Sri Lanka කටයුතු කළේ ය. ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති සඳහා තවත් වාහන නිෂ්පාදන සමාගම්, රථවාහන සපයන්නන් සහ විදුලි වාහන සඳහා යටිතල පහසුකම් සපයන සමාගම් වැනි සමාගම් සමග අත්වැල් බැඳගනිමින්, වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ මෙහෙවරට දායක වීමට Uber බලාපොරොත්තු වෙයි.

 

පිටපත – PR

 

Post Views: 2
Previous Post

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

Next Post

බැසිල් ඡන්දය මෙන්ම පොහොට්ටුවේ මැයි දින රැලිය ගැන සාකච්ඡාවක් …

editor

editor

Next Post

බැසිල් ඡන්දය මෙන්ම පොහොට්ටුවේ මැයි දින රැලිය ගැන සාකච්ඡාවක් ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved