27 April 2024
#දේශීය

බැසිල් ඡන්දය මෙන්ම පොහොට්ටුවේ මැයි දින රැලිය ගැන සාකච්ඡාවක් …

පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේදී අද (17) පැවැත්විණ.

එය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වඅ බව පක්ෂයේ මාධ්‍ය අංශය පවසයි. එසේම පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වන දිනෙන් පළාත් පලාන ආයතන කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව කරුණු කාරණා පිලිබද සාකච්ඡා කෙරුණි .

පළාත් සභා වලට ඇතිවී තිබෙන තත්ත්වය, 19 වන දිනෙන් පසු කාලය අවසන් වන පළාත් පාලන ආයතනයන්ට ද අත්විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවිය.

මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මඟින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණි .

මෙම අවස්ථාවට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් රෝහිත අබේගුණවර්ධන , නාමල් රාජපක්ෂ , සංජීව එදිරිමාන්න යන මහත්වරුන් සහභාගී වූහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *